සිංහල, Corruption, Education, Matale

අධ්‍යාපනයේ “හැඳුනුම්පත් මගඩියක්…”

මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි.

එහිදී ගුරුවරුන්ට ලබාදීමට නියමිත ප්ලාස්ටික් හැඳුනුම්පතක් සදහා රු. 350.00ක මුදලක් එක් ගුරුවරයෙකුගෙන් අයකිරිමට නියමිත බවත් එම හැදුනුම්පත් සකස් කිරීම සඳහා මාතලේ ව්‍යාපාරිකයෙකුට මේවන විටද අවසර දී ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. එසේම මේ වනවිට ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීම එම පුද්ගලික ආයතනය මගින් මේ වාර්තාව ලියන මොහොත වනවිටත් සිදුවෙමින් පවතින බව ‛විකපල්ප’ වෙබ් අඩවියට වාර්තාවේ.

මේ පිළිබඳ ‛විකල්ප’ මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. නවරත්න මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කලේ, “ඔව් එහෙම හැදුනුම්පත් මුද්‍රණය කරන්න යනවා. නමුත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගෙන් අවසරය ගෙන, ටෙන්ඩර් කෝල් කරලා තමයි අපි මේක කරන්නේ.”

මේ හැදුනුම්පත් මුද්‍රණය කරන්නේ මාතලේ ‛මේමාට්’ කියන ආයතනය නෙමේද? නෑ..නෑ.. මහනුවර ආයතනයක් තමයි මේක කරන්නේ. මට නම මතක නෑ.

මේ හැදුනුම්පත සඳහා රුපියල් 350.00 ඇස්තමේන්තු කරලා තියනවද? නෑ..මට ඒ ගැන කියන්න දන්නේ නෑ. කරුණාකරලා අපේ එකඋන්ට් එකෙන් අහනවද..මෙන්න නම්බර් එක..2222216

මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද? නෑ..මම මේ වගේ දෙයක් ආපුවහම දාන්නේ එකඋන්ට් එක්ට…

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හැටියට ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද? එකඋන්ට් එකෙන් අහනවද?
(දුරකථනය විසන්ධිවෙයි.)

මේ සම්බන්ධයෙන් මාතලේ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ ගිණුම් අංශය කිහිප වතාවක්ම සම්බබන්ධ කරගැනීමට දැරූ උත්සහය ද ව්‍යර්තවිය.

කෙසේ වෙතත් පාසල් ආරංචි මාර්ග පවසන්නේ මාතලේ නගරයේම රුපියල් 150.00 අඩුවෙන් එම හැදුනුම්පත් මුද්‍රණය කරන්න තිබියදී මේ සිදුවන්නේ විශාල වංචාවක්, දූෂණයක් බවයි.