සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Stories from the silent

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවියග

සූදුවට ඉඩ විවර
කෲර යුද බිම් අගල
බූරු කුට්ටම අසල
බූරු ගසනා නිබඳග

බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්
දස දහස් ගණනෙකි යග
බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි යග

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැඟෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුද ඇඳුමග

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවියග

මංජුල වෙඩිවර්ධන
2009 සැප්තැම්බර්*