සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදී තිස්සනායගම්ට උපහාර පිදේ

මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් ‛‛ මාධ්‍යවේදී තිස්සනායගම් උපහාර උළෙලක් ’’ පසුගිය 7 වෙනිදා සවස කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පවත්වනු ලැබුවා. එහිදී ගායන ශීල්පී ජයතිලක බණ්ඩාරයන් අතින් මාධ්‍යවේදි තිස්සනායගම්ගේ දෙමාපියන් හට තිස්සනායගම් වෙනුවෙන් සම්මානයක්ද පිරිනමනු ලැබිණි. මෙම උළෙලෙහි දී නිතීඥ එස්.ජී.පුංචිහේවා, මාධ්‍යවේදී ඒ.සී.එම්.නිලාම් හා මාධ්‍යවේදී කේ.ඩබ්.ජනරංජන යන අය අදහස් දැක්වූ අතර ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් ගායනයන් ද ඉදිරිපත් කරනු ලැබුවා.
මෑතදී දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ සංවිධානය මඟින් මාධ්‍ය නිදහස උදෙසා පිරිනමනු ලබන පිටර් මැකේන් සම්මානය මාධ්‍යවේදී තිස්සනායගම් වෙත පිරිනමනු ලැබූ අතර ඔහු වෙනුවෙන් ඔහුගේ බිර්ද අදාල සම්මානය භාරගන්නා ලදි. මෙම උලෙල පවත්වනු ලැබුවේ එම සම්මානය ලැබීම වෙනුවෙන් තිස්සනායගම් මාධ්‍යවේදීයාට උපහාර පිදීම සඳහාය.සිවිල් සමාජ සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උළෙල පැවැත්විනි.