සිංහල, Colombo, Corruption, Education

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කාර්යාලයට නොපැමිණේ

කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සිය කාර්යාලයට නොපැමිණීම හේතුවෙන් අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන්ට හා ගුරුවරුන්ට තම රාජකාරී කටයුතු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. බදාදා දිනය අනිවාර්යයෙන්ම කාර්යාලයේ සිටිය යුතු දවස ලෙස නම් කර තිබුනද එදිනට වත් ඔහු නොපැමිණෙන බව රාජකාරී සඳහා පැමිණෙන ගුරුවරුන් ප්‍රකාශකර සිටියි. ඔහු මේසේ නොපැමිණියද පලාතේ දේශපාලන ප්‍රබලයෙකුගේ හිතවතෙකු නිසා ඔහුට එරෙහිව කටයුතු කිරීමට උසස් නිළධාරීන් මැලිකමක් දක්වන බවද එම ගුරුවරුන්ගේ අදහසයි. කලාප අධ්‍යක්ෂකවරයා නොපැමිණීම හේතුවෙන් ඔහුගේ අත්සන තැබියයුතු ලිපි ලේඛණ ආදිය ගොඩගැසී ඇති බවත් ඔහු පෙන්වා දෙති.
අප මේ පිළිබඳව වයඹ පලාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක සිරිමෙවන් පොඩිනිළමේ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසූවේ මේ වන තෙක් තමන්ට ඒ පිළිබඳව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. එහෙත් එවැනි තත්ත්වයක් තිබෙනවාද යන්න තමන් සොයාබලන බවත් ඔහු ප්‍රකාශකර සිටියා. කෙසේ වෙතත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා යටතේ පාසැල් 150 පමණ තිබෙන බවත් ඔහු එම පාසල් වල ක්ෂේත්‍ර චාරිකා කළ යුතු බවත් ඒ සඳහා අවම තරමේ දින තුනක් වත් අවශ්‍ය බව ඔහු ප්‍රකාශකර සිටියා.

මේ පිළිබඳව අප කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇමතීමට උත්සහ කළද ඔහුව සම්බන්ධ කර ගැනිමට නෙහැකි විය. ඒ සෑම අවස්ථාවකම අදාල කාර්යාලයෙන් දැනුම් දුන්නේ ඔහු කාර්යාලයේ නොමැති බවයි