Colombo, Poems

මාතෘකාවක් නැති මාතෘභූමිය දෙමළට පරිවර්ථනය වේ

Wediwardena Demala Kavi Book Cover
මංජුල වෙඩිවර්ධන විසින් 2010 දී එළිදැක්වූ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි කාව්‍ය සංග්‍රහයේ දෙමළ පරිවර්ථනයක් ඉන්දියාවේදී මුද්‍රණද්වාරියෙන් එළිදැක්වී ඇත. එම්. රිෂාන් ෂෙරීෆ් සහ ෆහීමා ජහාන් නම් වන කෘතහස්ත පරිවර්ථකයන් විසින් දෙමළ භාෂාවට නගා ඇති මෙම කෘතිය එක්සත් රාජධානිය කේන්ද්‍ර තරගත් Ezhuna ජනමාධ්‍ය පදනමේ ප්‍රකාශනයකි. මෙම කෘතිය එළිදැනක්වීම නිමිති කරගත්සංවාදයක් අප්‍රේල් මාසයේදී ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

1997 දී ෂේන් මැකෙල්වි සමග එක්ව සිය ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය වූ ‘‘නිරුත්තර සමාධිය‘‘ එළිදක්වන මංජුල, 2002 වර්ෂයේදී ‘‘පිළිහුඩුවී‘‘ ද ,2008 වර්ෂයේදී ‘‘මධුසදිනි මධුවිත‘‘ ද යන කාව්‍ය කෘති සිය පාඨක සහෘදයා වෙත තිළිණ කළේය. 2009 වර්ෂයේ සිට පිටුවහල් ජීවිතයක් ගත තරන මංජුල වෙඩිවර්ධන 2010 වර්ෂයේදී ‘‘මාතෘකාවක් නැත මාතෘභූමිය හෙවත් දෙමළ කවි‘‘ නම් වූ නිර්මාණ සංග්‍රහයද 2011 වර්ෂයේදී ‘‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි‘‘ යන කාව්‍ය කෘතියද ප්‍රකාශයට පත් කළේ ය.

ලේඛකයෙකු මෙන්ම ජනමාධ්‍යවේදියෙකු වන මංජුල වෙඩිවර්ධනගේ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි නිර්මාණ සංග්‍රහය, සිංහල භාෂවෙන් දෙමළ භාෂාවට සම්පූර්ණ පොතක් ලෙස පරිවර්ථතය වූ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි.

මෙම දෙමළ පරිවර්ථනය එළඹෙන හා තවත් කෘති කිහිපයක් නිමිති කරගත් සංවාදය, අප්‍රේල් මාසයේදී ලන්ඩන් නුවරදී පැවැත්වීමට සමගාමීව නොර්වේහි දී ද සාක්ච්ඡා සභාවක් පැවැත්වෙන බවත්, මැයි මාසයේදී කැනඩාවේ සහ ස්විට්සර්ලන්තයේදීද මෙම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිත බවත් ezhuna ජනමාධ්‍ය පදනම පවසා සිටියි.

දැනට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී ඇති මෙම දෙමළ කෘතියේ පිටපත් පහත ලිපිනයෙන් ලබාගත හැකි බව එම සංවිධානය වැඩි දුරටත් පවසා සිටියි.

Discovery Book Palace (P)Ltd
No.6, Magavir Comlex, 1st Floor
Munusamy Salai, K K Nagar West
Chennai – 600078
Tamil Nadu, India.
(Near Pondichery Guest house)

Phone +91 44 65157525 , Cell +91 9940446650