සිංහල

සූඛර උණ හෙවත් එච්1එන්1 වෛරසය ආසාදනය වීමෙන් දෙවන මරණය මාතරින්…

සූඛර උණ හෙවත් එච්1එන්1 වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මවක් ඊයේ මිය ගියා ය. මෙසේ මිය ගොස් ඇත්තේ මාතර රෝහලට ඇතුලත් කරන ලද ගැබිණි කාන්තාවකි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මිය යාමෙන් පසු කරන ලද පරීක්ෂනවල දී මෙම ගැබිණි කාන්තාවට එච්1එන්1 වෛරසය ආසාදනය වී තිබූ බවයි.

ඒ අනුව සූඛර උණ වැළදීමෙන් වාර්තා වූ දෙවන මරණය ඊයේ(10) සිදුවිය. ලංකාවේදී සිදුවූ පළමු මරණය 4දා මහනුවර රෝහලින් වාර්තා වූ බව අප ‛විකල්ප’ වෙබ් අඩවිය පසුගිය දා වාර්තා කලේය.