සිංහල, Economic issues, Kurunegala

කුරුණෑගල අධ්‍යපන කලාපයේ සිංහල භාෂා තරඟ පැවැත් වූ හැටි

වසරක් පාසා කොට්ඨාෂ කලාප, පළාත් සභා සහ සමස්ත ලංකා මටට්ටමින් ඉහත සඳහන් තරඟ ශ්‍රී ලංකාවේ සෑම අධ්‍යාපන කලාපයකම පැවැත්වේ. මේ තරඟවලට සහභාගි කරන්නේ පාසැල්වල සංහල භාෂාව පිළිබඳව ඉහළම දක්ෂතා ඇති සිසුසිසුවියන්ය. මේ දරුවන් තෝරා සුදානම් කිරීම සඳහා ගුරුවර ගුරුවරියන් මේ සඳහා සෑහෙන වෙහෙසක් දරති.

පෙර වසරවලදී කොට්ඨාෂ මට්ටමින් පැවැත්වෙන තරඟ පළමු පාසැල්වාරය තුළ දීම අවසන් කරන ලදී . නමුත් මෙවර මෙම තරඟ දැනුම් දන්නේ දෙවැනි වාරයේ අවසන් මාසය වන ජූලි මාසයේ ය. ප්‍රථමයෙන් 27වන දින පැවැත්වෙන බව දැනුම් දුන් ලිඛිත තරඟ පසුව සැප්තැම්බරි 08 දිනට කල් දමන ලදී. තරඟ පැවැත්වෙන්නේ කු/මලියදේව ආදර්ශ සහ සර් ජෝන් කොතලාවල යන විදුහල්වල යැයි දැනුම් දී තිබුණි. පසුව එම තරඟ ස්ථාන කු/සාමෝදය සහ කු/නිශ්ශංක යන විදුහල්වලට මාරු කර ඇති බව සැප්තැම්බර් 03දා දාතමින් පළාත් අධ්‍යාපන කාර්‍යාලය දැනුම් දුන්නේ ය.

එම ලිපිය කල් වේලා ඇතිව නොලැබීමෙන් තරඟ පැවැති සැප්. 08 දා ගුරුවරුන් සහ මාපියන් විශාල පිරිසක් කලින් දැනුම් දී තිබූ පාසැල්වලටම ගියහ. ඔවුන් නියමිත පාසැල් කරා පැමිනෙන විට පැය එකහමාරක් තරම් පසුවී තිබුනි. 6,7,8,9 වසර සඳහා තරඟ පැවැති නිශ්ශංක විදුහලට පමණක් සිසුසිසුවියන් 1000කට ආසන්න ප්‍රමාණයක් ද මාපියන් සහ ගුරුවරුන් ද එවැනිම ප්‍රමාණයක් ද පැමිණ සිටියහ.

තරඟ පටන් ගැනිමට තිබුණේ පෙ.ව. 8.30 ය. ඒ වන විට තරඟ පැවැත්වීමට පැමිණ සිටියේ තරඟ බාරව සිටින මානව ශ්‍රෘස්ත්‍ර සහ සංහළ භාෂා අධ්‍යක්ෂවරිය සහ ගුරු උපදේශවරුන් දෙදෙනෙකු පමණි. තරඟ කාල සටහනක් හෝ මඟපෙන්වීමක් හෝ තිබුනේම නැත. මේ නිසා ප්‍රධාන ශාලාව අසළ මහත් තදබදයක් සහ පොදි කෑමක් ඇති විය.

6,7,8,9 වසර සඳහා තරග හතර බැගින් තරඟ 16ක් පැවැත්වීමට නියමිත විය. උදෑසන 10.00 වන විට අවසන්ව තිබුනේ 6.7 වසර සඳහා ගද්‍ය තරඟය පමනි. දරුවන්ට සහ මාපියන්ට වාඩිවීමටවත් කිසිදු පහසු කමක් තිබුනේ නැත. මේ නිසා පාසැල් භූමිය තුළ තද බද තත්ත්වයක් පැවැතුණි. මේ අවස්ථාවේ සිය අසංවිධානාත්මක බව වසා ගැනීම පිණිස නිලධාරීන් කළේ දෙමාපියන් ගේට්ටුවේන් එළියට දැමිමයි. නිවාඩු දිනෙක සිය දරුවන් සමඟ පැමිණි මාපියන්ට ලැබුණු සැළකිල්ල එසේ විය.

තරඟ පැවැත්වෙන ස්ථාන දැක්වෙන පුවරුවක් නොතිබූ බැවින් මහල් තුනක් උඩට සහ පහළට දුවමින් තරඟ ස්ථාන සොයන්නට දරුවන්ටම සිදු වූයේ මාපියන්ද ගේට්ටුවෙන් පිටට දැමු නිසාය. අසරණ වූ මේ දරුවන් ගුරුවරුන් වූ අප වෙත දුව විත් උපදෙස් අසා සිටියත් අප කිසිවකුවත් කිසිම සැලැස්මක් දැන සිටියේ නැත. ඇත්තම කතාව නමි දැන සිටීමට කිසිදු සැලැස්මක් නොවූ බව යි. තරඟ සඳහා නියමිත කාල සටහනක් දී තිබුණේ නම් මෙම තදබදය ලෙසෙියෙන් මඟ හරවා ගැනීමට ඉඩ තිබුණි. අවසානයේ දී සිසුසිසුවියන්ගේ අනන්‍යතා පත්‍ර කිසිවක් විමසා බැලුනේ ද නැත. තරග සඳහා නිශ්චිත කාලයක් දැනුම් දුන්නේ ද නැත. මේ තත්ත්වයට පත් වූයේ අපේ දක්ෂතම දරුවන් ය.

පාසැළේ විදුහල්පතිතුමා කීයේ තමාට දැනුම් දී තිබුණේ නමි පංතිකාමර පහසුකම් සහ ස්වෙච්ජා ගුරු කණ්ඩායමක් යෙදවීමට ඉඩ තිබූ බවයි. නමුත් අධ්‍යෂවරිය කියා සිටියේ මේ සඳහා විශේෂ ගෙවීමක් නොකෙරන බැවින් මේ ටිකත් නොකර ගෙදර යා හැකි බවයි. තරඟවලට සහභාගි වූ දරුවන්ට තරඟ එපා වී තිබුණි.

දරුවන්ගේ දක්ෂතා ඔප මට්ටම් කිරිම සහ වඩා දිරිමත් කිරීම පිණිස පැවැත්වෙන කෙරෙන මෙවැනි වටිනා අවස්ථා මෙළෙස ඹ්නෑවට එපාවට කිරීමෙන් අපේක්ෂික අරමුණ සහමුලින්ම යටපත් වී යෑම බව අප අලුතෙන් කියා සිටිය යුතු නැත. මේ පිළිබඳව විධිමත් පරීක්ෂනයක් පවත්වා ඉදිරි වසරේ තරඟ පැවැත්වීම පිළිවෙල ක්කරන සේ ඉතා උවමනාවෙන් ඉල්ලා සිටිමු.

එදින සහභාගි වූ ගුරුවරියන් පිරිසක්