සිංහල, Colombo, Governance

ජෙනරල් සරත් ෆොන්සෙකා ආරක්ෂක මාණ්ඩලික තනතුරින් ඉල්ලා අස්වේ

ජෙනරල් සරත් ෆොන්සෙකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දින ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තාවේ. මේ පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ඒ පිළිබඳව ජනාධිපතිවරයා ඒ පිළිබඳව දැනුම් නොදුන් බවය.
විකල්ප මේ පිළිබඳව හමුදා ප්‍රකාශක උයද නානායක්කාර මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳව තමන්ට තවම කිසිවක් කිව නොහැකි බවයි.