සිංහල, Colombo, Health, Life quips, Media

ඇමති චන්ද්‍රසේකරන් මහතා හදිසියේ මිය යයි.

කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතා හදිසියේ අද අභ්‍රාප්ත විය. මිය යන විට සචන්ද්‍රසේකරන් මහතා ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය.

හදිසියේ හටගත් හෘදයාබාදයක් හේතුවෙන් පෙෘද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව එම මහතා මිය ගියේ ය. පී. චන්ද්‍රසේකරන් මහතා මිය යනවිට 52 වන වියේ පසු විය.

ලංකා කම්කරු කොංග්‍රසය හරහා වෘත්තීය සමිතිවලට නායකත්වය දෙමින් දේශපාලන කටයුතුවලට පිවිසි චන්ද්‍රසේකරන් මහතා 1989 දී තමන්ගේම දේශපාලන පක්ෂයක් ලෙස කදුරට ජනතා පෙරමුණ පිහිටුවා ගත්තේය.