සිංහල, Colombo, Democracy, Features, Media

තිස්සනායගම්ට අභියාචනාධිකරණය ඇප ලබාදෙයි

Thissa after Judgment - 1
2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින් කොන්දේසි සහිතව ඇප ලබාදෙනු ලැබුවා. තමන් සංස්කරණය කළ නොත්ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවට ලිපිදෙකක ලිවීමේ වරදට අත්අඩංගුවට ගත් තිස්සනායගම් මහතාට කොළඹ මහධිකරණය විසින් දඩුවම් නියම කරනු ලැබුවේ ත්‍රස්තවාදයට මුදල් එකතු කිරීම හා ජනයා කුපිත කිරීම යන චෝදනා යටතේයි.
ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට ලබාදුන් දඩුවම පිළිබඳව මෙරට නීතිවේදින්ගේ මෙන්ම ජාත්‍යන්තර නිතී කේෂ්ත්‍රයේද දැඩි කැළඹීමක් ඇති වු අතර ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතාද ඔහු නිදහස් කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලිම්ක් කරනු ලැබුවාය.