Image Credit: sesatha

තුනට පැලුණු ඉල්මහ විරු

ඉල්මහ විරුවෙකු

තුනට පැලී

අහිමි මිහිකතෙන් නැගිට සිටී

|

රතු මල් අතුරන

මන්තර මතුරන

පර වූ ආතුර

කට්ටඬි පිදේනි බලා සිටී

|

“අපි උඩ දමනා

ඇදුරනි නුඹලා

අඳ පරඬැල් “

|

දකුණට

එරෙහි ව දකුණයි

උඹලට

අප නම් විරුවොයි

දකුණට

එරෙහිව උතුරයි

උඹලට

උන් නම් සතුරොයි

|

කණට කර අසයි

මිටියෙන් හදට තඩි බා

ගොරවා හඬන ඉල් මහ

දේශ ප්‍රේමයේ දිග සහ පළල

දෑ කැත්ත ගිලිහුණ

|

ඇත

තුනට පැලුණු විරුවෙක්

එතැන් සිට

වූහ හේ හතුරෙක්

|

කප්පරක් තිබුණාට අඩුපාඩු

ගැබ්බරව මියගියත් නෙකවාර

ආත්මය පිරිසිදුයි හැමවාර

විරුසමරු අනවැසිය මතුවාර

|

නිගරුවක් නොදී

වැළලෙන්න හැකිනම්

අගරු වූ මරණයත්

අර්ථයක් ගෙනේ නම්

|

න්‍යෂ්ටියක් ආත්මෙන්

තුනට පැලුණේ නම්

අහිමි වූ මිහිකතක

රතු මලක් පිපේ නම්

|

ඉල්මහේ වහින්නට එකට මතුවට

මගහැරුණු වැසි දෙකක් දෙතැනක

උතුර දකුණ ද

දකුණ උතුර ද

වෙන් කර හැඳින

එක්කොට හිතන දවසක

|

න්‍යෂ්ටිය තුනට පැලුණා

යෂ්ටිය ගිලිහි හැලුණා

දෘෂ්ටිය එබී බලනා

මුෂ්ටිය ධජය සැලෙනා

udayaඋදය ආර්. තෙන්නකෝන්