සිංහල, Colombo, Democracy, Features, Life quips

ජනාධිපතිවරණ පොරොන්දුවලින් කොළඹ වැනසෙයි..

අද(22) දහවවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඒක් අපේක්ෂකයෙකුගේ ජනාධිපවරණ පොරොන්දු සහ ඒ ආශ්‍රිත දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදීමට විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් කොටුව දුම්රිය ස්ථානය අසලන් ගමන් ගන්නා සෑම අයෙකුටම එම අත් පත්‍රිකා ලබා දුන්නේය.

ගිනි මද්දහනේ බස්රථයක් හෝ දුම්රියකට නැගීමට යන මිනිසුන් ඒවා අතට ගෙන ක්ෂනිකයෙන් බිම දමා යන්නේ පොරොන්දුවලට බයෙන්ද කියා ඒ දෙස බලා සිටි අපට සිතිනි.

විශේෂය එය නොවේ පැයක් පමණ අසල බස්නැවතුම්පොලේ නැවතී සිටි අපට පුදුම දසුනක් දැක ගත හැකිවිය. දුම්රිය ස්ථානය ඉදිරිපිට මුලු පොළවෙහිම සුදුපාට අත් පත්‍රිකාය. සුළගට ඒ මේ අත දුවන පොරොන්දුය. හිනා උනු මුහුණු ඇතැමෙකුට වරක් නොව දෙවරක්ම පෑගි යන්නේ දූවිල්ලක් තරම්වත් වටිනාකමක් නැති සේයකිනි.

කොටුවේ ඡන්ද පොරොන්දුවලට සහ ජනාධිපතිවරණ අපේක්ෂක මුහුණු කොතරම් ජනතාවට එපා වී දැයි මෙයට උදාහරණයක් නැති බවක් ඒ තරම්ම දැනුනේ ‛‛හුළගට ගසාගෙන ආ පොරොන්දු පත්‍රිකා පදික වේදිකාවේ වාඩි වී සිටි යාචිකාවකගේ ඔඩොක්කුවට වැටීමෙන් සහ ඒ අසල ගසක සිටි කපුටෙක්ගේ අසූචි එක් පොරොන්දු පත්‍රිකාවකට වැටුනු හැටි දුටු දර්ශණයෙනි.

බිම දමා අැති පතරිකාවක්..
1

2

3

4

5

7

ෙපාෙරානුව සහ යාචිකාව
6

ඡායිරෑප සහ සටහන
සම්පත් සමරෙකාන්