සිංහල, Democracy, IDPs and refugees, Kilinochchi

අවතැන් 300 ඡන්දය අහිමිවේ

කිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් අභ්‍යන්තර අවතැන්වුවන් 300 කට නිසිපරිදි ප්‍රවාහන සේවා ලබානොදීම හේතුවෙන් ඡන්දය දැමීමට නොහැකිවූ බව වාර්ථාවේ. අරුණාචලම් හා රාමනාදන් කඳවුරුවල වෙසෙන ඡන්දය භාවිත කිරීම සඳහා කිළිනොච්චියට යායුතු අයට පාන්දර 3.55 පමණ කඳවුරේ පොදු ඇමතුම් සේවාව හරහා දැනුම්දී ඇත්තේ උදෑසන 6 ට ඔවුන්ව රැගෙනයාමට බස්රථ එන බවයි. එහෙත් ඔවුන්ව රැගෙනයාමට බස්රථ පැමිණ ඇත්තේ දහවල් 1.30 පමණය එම බස් කිළිනොච්චියට ලඟා වී ඇත්තේ සවස 3.55 පමණය. මෙම බස් රථ ඕමන්තෙයිදී දැඩිලෙස පරීක්ෂාවට ලක්වීමත් පරක්කුවට හේතුවක් බව එහි සිටි නිරික්ෂකයන්ගේ අදහසයි.