Democracy, Kurunegala, Media, Peace and reconciliation

වයඹ ජනමාධ්‍යවේදී සංවිධානයේ උපසභාපතිගේ නිවසට ප්‍රහාරය

වයඹ පළාත් ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ උප සභාපති හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් වාර්ථාකරු ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට ඊයේ රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරයෙන් ඒ මහතාගේ නිවසේ දොරජනේල වලට මෙන්ම ඉදිරිපස තාප්පයටද හානි සිදුවී තිබේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඒ මහතා සහ දරුපවුල නිවසේ සිට ඇත.
‛‛ ඊයේ රාත්‍රියේ 8.30 පමණ වාහනයකින් පැමිණි කිසියම් පිරිසක් එක්වරම මගේ නිවසටත් එහි තාප්පයටත් පොලිවලින් හා ගල්මුල් වලින් පහර දෙන්න පටන් ගත්ත. ඒ වෙලිවේ මමත් මගේ බිරිඳත් දරුවෝ දෙන්නත් සිටියේ නිවස ඇතුලේ වාසනාවකට ඔවුන් මගේ නිවස ඇතුලට ආවේ නැහැ. මම දොර ජනේල වහගෙන හිටියේ.’’ අපත් සමග මේ පිළිබඳව අදහස් දක්වමින් ගුණරත්න මහතා කියා සිටියා.