සිංහල, Colombo, Corruption, Democracy, Human Rights, Peace and reconciliation

මෙවර පසුගිය වතාවන්ට වඩා පශ්චාත් මැතිවරණ ක්‍රියා වැඩියි – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

1999 හා 2005 වසර වල පැවති ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ මෙවර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කැපීවෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. 1999 වසරේ සිද්ධීන් 76 වාර්ථවූ අතර 2005 වසරේදී එම ප්‍රමාණය 36 කි එහෙත් මෙවර එම ප්‍රමාණය මේවන විටත් 85 කි එයින් සිද්ධීන් 18 ගිනිඅවි වලට සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියා වීම තවත් කැපිපෙනෙන තත්ත්වයකි.
2010 ජනවාරි 31 වන දා වන විට බරපතල ගනයේ සිද්ධීන් 46 වාර්ථා වී ඇති අතර පහරදීම් 19, බැණවැදීම් සහ තර්ජනය කිරීම් 9ක්, ගිනිතැබිම් 8ක් හා බරපතල හිංසාකිරීමේ සිද්ධීන් 5 ක් වශයෙන් ඒවා බෙදා දැක්විය හැකි බවයි.