සිංහල

අද ජාත්‍යන්තර ළමා දිනයයි….!

Children day in sri lanka
අද ජාත්‍යන්තර ළමා දිනයයි.අප රටේත් ළමා දිනය සමරා රජය මෙන්ම විවිධ ආයතනද නොයෙක් උත්සව පවත්වති. එහෙත් බඩගින්නටත් හිංසනයටත් විවිධ තාඩන,පීඩනයන්ටත් ගොදුරුව දිවිගෙවන දරුවන් කොතෙක් මෙරට තුළ වෙසෙද්ද? යුද්ධය නිසා අවතැන්වු,දෙමාපියන් අහිමිවු දරුවන් අනාත කදවුරුවලය. සෙල්ලම් බඩු අතින්ගෙන කෙළිදෙලෙන් සිටිය යුතු දරුවෝ ආයුධ ගෙන යුදපිටියේයි.විවිධ නොමිනිසුන්ගේ කෲර කම් හේතුවෙන් ඝාතනය වන දරුවන් පිළිබද ප්‍රවෘත්ති දිනපතාම ඇසේන්නේය.සිය නිවස තුළදීම පියා,සහෝදරයන් ඥාතීන් හා වැඩිහිට්යන් වෙතින් දරුවන් දුෂණය වන අතර පාසැලද ඔවුන්ට රේස් පිටියක් වී අවසන්ය.සමහර දෙමාපියන්ට දරුවන් බරක් වී රුපියල් සත වලට විකිණෙනන අතර මවක් සිය බඩ කපා උපදින්නට ඉන්නා දරුවා එළියට ඇද දමන්නේය. සමහර දරුවන් වෙළද දැන්වීම් තුළ මෙන්ම මාධ්‍ය තුළද විකි‍‍ණෙන්නේ සියලු දෙනාගේ ඇස් පනාපිටය. එහෙත් බළධාරීන් නිහඩය.ළමා දිනය තිබිය යුත්තේ මෙවන් දරුවන් වෙනුවෙන් නොවේද? අඩියක් අඩියක් ගානේ බුදුපිළිම තබා වන්දනා කරන බුදුන්ගේ දේශය ලෙස හදුන්වන රටක දරුවන් පිළිබද සැබෑ යථාර්තය මේ වන්නේය.එහෙත් ළමා දිනයෙදීවත් ඔවුව මතක් වන බවක් නොපෙනේ එහේතුවෙන් දරුවන් නිවස,පාසැළ හා පොදු සමාජය තුළම බරපතල ලෙස අනාරක්ෂිත භාවයට පත්වී සිටී. එහෙත් රටේ ජනාධිපති මෙන්ම විපක්ෂ නායකවරයාද දරුවන්ට ඔවුන්ගේ ඇති සෙනෙහස කැපවීම නොසගවා පෙන්වමින් රුපවාහිනියේ පෙනීසිටීමින් දරුවන් රැකගත යුතුබව පවසයි. මෙ අවිහිංසක දෑස සොයනුයේ තමන්ට නිදහසේ ජීවත් විය හැකි රටක්නොවේද? ඔවුන්ට ඒ රට අපි කවදා ලබාදෙන්නේද?