සිංහල

අද ජාත්‍යන්තර අහිංසාවාදී දිනයයි…!

ප්‍රථම ජාත්‍යන්තර අහිංසාවාදී දිනය අද (ඔක්තෝබර් 2)තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.පසුගිය ජූනි මස දී පැවැති එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සැසියේදී ඔක්තෝබර් 2 වන දින ලෝක අහිංසාවාදී දිනය ලෙස නම්කරනු ලැබුවා.ඉංදීය නිදහස් සටනේ නායකයා මෙන්ම අහිංසා වාදයේ පියා යන විරුදාවලියද ලද මහත්මා ගාන්ධිතුමාගේ උපන්දිනය ඔක්තෝබර් 2 වැනිදාට යෙදී තිබීම නිසා මෙම දිනය ලෝක අහිංසාවාදී දිනය ලෙස නම්කරනු ලැබුවා.එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිපික් කලාප ආර්ථික හා සමාජ කොමිසම හා ඉන්දිය තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම උලෙලේදී ඉන්දීය තරුණ කටයුතු අමාත්‍ය ශ්‍රී මනී සංකර් අයියර් මහතා හා එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිපික් කලාප ආර්ථික හා සමාජ කොමිසමේ විධායක අධ්‍යක්ෂිකා නොයෙලීන් හයිසර් මහත්මිය දේශන පැවැත්වීමට නියමිතයි.

දශක තුනක් තිස්සේ ඇදීඑන ජනඝාතක යුද්ධයකට මැදිව සිටින රටකට අහිංසාවාදය යනු හීනයකි.අහිංසාවාදය විමුක්තියේ මාර්ගයයි දේශනාකළ බුදුන්වහන්සේගේ අනුගාමිකයන් බහුතරයක් වෙසෙන රටක් වුවද? හිංසන‍ය සමාජයේ ඉහළ සිට පහලටත් පහල සිට ඉහලටත් සියලු තැන් වසාගෙන පැතිරගොසින්ය.අහිංසාවාදී දිනය මෙරටට කෙතරම් වැදගත්වන්නේද? යන්න පිළිබදව කතා කිරීමට අප රාවය කතෘ වික්ටර් අයිවන් මහතා හමුවුනා.ඉහත දැක්වෙන්නේ ඒ මහතා දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයයි.