සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් කඩවීම් පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතුයි – නවනීදන් පිල්ලෛ

‛‛පසුගිය යුද කාලයේදී දෙපාර්ශවයෙන්ම සිදුවූ බරපතල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව ශ්‍රි ලංකාව ගැඹුරින් සලකා බැලිය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තරය ඔවුනට උදවු කළ යුතුයි’’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලෛ් මහත්මිය 2009 වසර සඳහා වූ සිය මානව හිමිකම් වාර්ථාව මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියා.
පසුගිය ජනාධිපතිවරණයට පසුව ඉරානයේ සිදුවූ සිදුවීම් පිළිබඳව සිය දඩි කනස්සල්ල ප්‍රකාශ කළ ඇය එහි ඇතිවෙමින් පවතින නරක තත්ත්වය පිළිබඳව ද සිය අවධානය යොමුකරනු ලැබුවා. ගුවන්තනාමෝ වද කඳවුර වසා දමා ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් සුරැකීම පිළිබඳ පෙන්වූ වර්ධනය පිළිබඳව සිය ප්‍රසාදය පළකළ ඇය ඇෆ්ගනිස්ථානයේ බරගම් ගුවන් හමුදා කඳවුරේ සිදුවියයි කියන වධහිංසා පැමිණවිම් පිළිබඳවද පරීක්ෂණ සිදු කරනු ඇතැයි සිය විශ්වාසය පළකලාය.