සිංහල, Colombo, Democracy, Human Security, Media, Peace and reconciliation

සිරස ප්‍රවෘත්ති අංශය පිහිටි ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක්

සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යන මහරාජා ආයතනයට අයත් බේබෲක් පෙදෙසේ පිහිටි කාර්යාල සංකීර්ණයට අද සවස (22) 4ට පමණ බස්රථ දෙකකින් පැමිණි මැර පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන්නේද මෙම ස්ථානයේයි. ප්‍රහාරයෙන් ආයතනයේ විදුරු වලට හා නවතා තිබූ වාහන වලට දැඩි ලෙස හානි සිදුවී ඇතිබව ද වාර්ථාවේ. ප්‍රහාරයෙන් සිරස මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ද තුවල ලබා ඇත.