සිංහල

වල් ඌරා සහ පොලීසිය…

hunting man
මහ වැස්සක් ඇදහැලෙමින් තිබිණි.වැස්සෙන් බේරෙන්න හිතාන සෙවනගල කඩවීදියේ කුඩාකඩයක් තුළට ගියත් තේ එකක් බොන්න හිතුන නිසා ප්ලෙන්ටියක් දෙන්නයැයි මුදලාලිගෙන් ඉල්ලුවෙමි. කඩය කුඩාවුවත් එහි විශාල ප්‍රමාණයේ අධිශීතකරනයක්ද විය.මෙකටද මේ ඩීප්‍රීසර් එකක්? හිතේ ඇතිවු කුකුස නිසා මම විමසුවෙමි. මස් දාන්න මහත්තයෝ. මොන මස්ද? මම නැවත විමසුවා. එක එක ජාතියේ මස් මහත්තයෝ. ඌරුමස් එහෙමත් තියෙනවද? තිබ්බා… දැන්කරන්නේ නැහැ. ඒ ඇයි? “මේ පොලිස් කාරයෝත් එක්ක මේක කරන්න බැහැ.ඇයි අල්ලනවද? අනේ කියන්න මහත්තයෝ ගිය සතියේ වල් ඌරෙක්ව ගත්ත දවස් දෙකයි තිබ්බේ. මෙකේ ඉන්න ඊරිසියාකාරයෙක් පොලීසියට ඔත්තුවක් දීලා.පොලීසියෙන් ආව. ඉතින් මුදලාලිව අල්ලගෙන ගිහින් දඩගැහැවුවද? දඩ…දඩ ගැහැවුවනම් මොකෝ උන්ගෙ දඩ.. ඇවිත් ඌරාගේ හොදම ගාත් දෙක අරන්ගියා.මොනව කරන්නද අරගෙනයන්න දෙනව මිසක්. අනේ කියන්න මහත්තයෝ මටම ලැජ්ජයි. පැය දෙකකින් විතර ආපහු පොලීසිය ආව.ඇවිත් ලොකු මහත්තයට කන්න කියල තව මස් කිලෝ හතරක් අරන් ගියා.ඉතින් කොහෝමද මහත්තයෝ අපි බිස්නස් කරන්නෙ.ලයිට් බිල රුපියල් 5000 යි. දැන් එකෙක්ගෙ මසක් වත් දැන් විකුනන්නෑ.”
මේ ප්‍රදේශවල වන සතුන් දඩයම් කර ප්‍රසිද්ධියේ අලෙවි කරන බව රහසක් නොවේ.තණමල්විල,වැල්ලවාය,ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල දඩමස් විකිණීමට ඇතිබව ප්‍රසිද්ධ රහසකි. නමුත් මෙම ප්‍රදේශවල වන ජීවි නිළධාරීන් හා පොලීසිය මේ බව නොදන්නා සේ සිටින බව ප්‍රදේශයේ පරිසරයට හිතැති ජනයා පවසති. උඩවලව ජාතික වනෝද්‍යානයතුළ පවා මෙම දඩමස්
ජාවාරම යහමින් සිදුවන බව නොදන්නා කෙනෙකු නැත.මෙ කිසිවක් පොලිස් ඇසට හෝ වනජීවී ඇසට නොපෙනෙන්නේ දඩ වෙනුවට මස් හිලවුවට ගන්නා නිසාවෙන්ද?

සම්පත් සමරකෝන්