ඒ…..
මියැදුනු එවුනගේ මාසයයි
මරණු ලැබු උන්ගේද මාසයයි

උතුරේද දකුණේද, නැගෙනහිර බටහිරද
වෙනසක් නොමැතිවම
මරණු ලැබු එවුනගේ මාසයයි……

ඇණ ගසා මළවුන්ද
ෂෙල් වැදී මළවුන්ද
උණ්ඩයෙන් මළවුන්ද
ගෙල සිඳී හලවුන්ද

මවකගේ දුකට වෙද වෙනසක්……..?
මියගියේ කුස දැරූ ජීවයයි
ගැලූයේ කිරි කෙරූ රුධිරයයි

ඉල්මහේ මොරගසන
මහ වැස්ස කියන්නේ
ළය පැලූනු මවුනගේ ශෝකයයි……….

සිහිවටන, ගුණවැයුම්, සැමරුම් නොමැති පුතු
නිදන්නට සිව්රියන්, සොහොන්බිම් අහිමි පුතු…..

ගලාගිය ලෙයෙහි වෙද වෙනසක්…..?

හිරු සඳුත් පැතිරෙන්නෙ සමවමයි…
දිවි රැකුණු හුස්ම එක අහසෙමයි….

ඉල්මහේ හඬනගා
බැඳි පවුරු කඩාගත්
මහා වැව් කියන්නේ……
ඔවුනගේ සුසුම්වල ශක්තියයි…..

1476098_740505922626964_2133000347_nකුමාරි කුමාරගමගේ | Kumari Kumaragamage