‘‘ඇයව ගල් ගහලා මරණවා, අවුරුදු 40ක ළමයි 3දෙනක් ඉන්න මවක් කියලා කියපු වෙලාවේ ඉදන් මට මතක් වෙන්නේ මගේ අම්මව. මගේ අම්මට අවුරුදු හතලිස් ගාණයි එයා ගෘහසේවිකාවක් වශයෙන් සේවයට යද්දි. එයා ගියේ, මගෙ තාත්තා මැරෙද්දි මට අවුරුදු දහයයි. අවුරුදු 8කට පස්සේ මගේ අම්මා තීරණය කරනවා ස්වාධීනව ජීවත් වෙන්න, වෙන කරන්න කිසිම දෙයක් නැහැ, අපි තුන්දෙනාට උගන්නන්න, අපි තුන්දෙනාව උස්මහත් කරන්න, අපිට ගෙයක් හදාගන්න, වෙන කිසිම විදිහක් නෑ. එතකොට එයා තීරණය කරනවා, මොනව උනත් මම යනවා කියලා. එතකොට මට හිතෙන්නේ ඇත්තටම මේ අම්මගේ කතන්දරේ විය හැකියි කියලා. මගේ අම්මා එහේ ගිහිල්ලා කොච්චර හුදකලාව කදුලු වක්කරමින් හැමදාම අඩනවද කියලා මම දන්නවා. එයා එවන ලියුම්වල ඒ කදුලු සුවද මට දැනෙනවා. මගේ අම්මා සමහරදාට එයා කියනවා එයා එයාගේ කාමරේ නෙවෙයි නිදාගන්නේ. ඒ වැඩකරන්න ගිය ගෙදර කුස්සියේ. කුස්සියේ තියනවා මගේ අයියා ගේ නම සහිත ෆ්රිජ් එකක්. ලෙනාඩ් කියලා ඒ ෆ්රිජ් එකේ වර්ගය. එයාගෙ හුදකලාව, එයාට දැනෙන දේ එයාගේ දුක කොච්චරද කිව්වොත් එයා සමහරදාට බෙඩ්ශීට් එකක් ෆ්රිජ් එක ළග දාගෙන නිදියනවා කියලා…….‘‘ – කුමාරි කුමාරගමගේ

සෞදිඅරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත යැයි පැවසෙන ‘ඇය‘ එම මරණයෙන් බේරා ගැනීමට සෞදියට, ආණ්ඩුවට බලකරමින් පසුගිය දිනවල කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක විවිද වැඩසටහන් පැවැත් විය. එම වැඩසටහන් අතුරින් ‘ඇය‘ නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ කොළඹ මූළස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් සහ ඉන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අත්සන් ව්‍යාපාරයක් ද පැවැත් විණි. එම වැඩසටහන් සංවිධානය කල සිවිල් ක්‍රියාකාරීන් අතුරින් සාහත්‍යවේදීනියක්, කලාකාරිනියක් වන කුමාරි කුමාරගමගේ ‘විකල්ප‘ වෙබ් අඩවිය හා එක් වූයේ විදේශ ගතවන ශ්‍රමිකයන් පිළිබදවත් මෙන්ම‍ ලංකාවේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වන මැදිහත් වීම පිළිබද සාකච්ඡා කිරීම සදහා ය.

පහත දැක්වෙන්නේ කුමාරි කුමාරගමගේ සමග පැවති සම්පූර්ණ සාකච්ඡාවයි.

*අද(18) International Migrants Day (A/RES/55/93)