සිංහල, Districts, Life quips, Matale

ප්‍රේමයයි,වෛරයයි ….!

gayanee-con-1.jpg මියගිය ලක්මිණී සෙනෙවිරත්න(ගයානී)

වෙනදා නැති සීතල මීදුමක් ගයානිගේ නිවස අසල වූ කුඹුරු යායම වෙලාගෙන තිබිණි. දවස නොවැම්බර් 14 දාය. දහසක් පැතුම් හිතේ දරා ගෙන ගයානි (ලක්මිණි සෙනවිරත්න..ඇයට ආදරයට කියන්නේ ගයානි කියාය.) නිවෙසින් පිටත් වූයේ වේලාවට කලින් තම රුකියා ස්ථානයට යාමටය

. නමුත් වෙනදාට වඩා ඇය ඉක්මන් ගමනින් බස් නැවතුම දක්වා ගියාය.
මේ පියමනින්නේ අවසන් ගමනක් බව ඇය හීනෙකින්වත් සිතන්නට නැත. බසයෙන් බැසගත් ඇය ඉක්මන් ගමනින් පියනැගුයේ තම මිතුරෙක් හමුවීම සදහා මාතලේ නගර මධ්‍යයේ වූ වෙළදසැලකටය. ඇය අත බැදි ඔරලෝසුවේ කටු වේගයෙන් කැරකුණේ ඇයටත් නොදැනීය. ඔරලෝසු කටුව කැරකෙනවාටත් වඩා වේගයෙන් ගයානිගේ ප්‍රෙමවන්තයා, මරුවාගේ වෙසින් ඇය වෙත එමින් සිටි බව ඇය දැන සිටියේ නැත.
නිමේශයකින් උල්පිහිතුඩු ගණනාවක් ගයානිගේ සිරුර පසාරුකරගෙන ගියේය. ලේ විලක් මැද ගයානිගේ නිසල සිරුර බිම ඇද වැටින. සිය ප්‍රේමවන්තයා මාතලේ නගර මධ්‍යයේදී ප්‍රේමවන්තිය වූ ගයානි කුරිරු ලෙස පිහියෙන් ඇන මරා දැමිණි.
ඇය වසර ගනනාවක් ඔහුට ආදරය කලාය. ඒ සුන්දර වූ ප්‍රේමයම ඇයගේ ජීවිතය මෙළෙස උදුරා ගනීවීදැයි ඇය කිසිදාක නොසිතුවාය.
ගයානිගේ මෙම මරණය පිළිබදව නෑදෑයන් විවිධ අදහස් පවසන්නට විය. ගයානිගේ මිතුරුමිතුරියන්, විටෙක එයට පරස්පර අදහස් ද විටෙක එයට සමාන අදහස් ද පවසන්නට විය.
ගයානි පවුලේ වගකීම්වලින් බොහෝ කොටසක් ඉසිලු යුවතියක්ය. ඇය ප්‍රදේශයේ ක්‍රියාශීලි සමාජ ක්‍රියාකාරිණියක් ද වුවාය. එපමණක්ද නොව ඇය තමන් ආදරය කල තරුණයාට හදවතින්ම ආදරය කලාය.

මේ සියලු දේ ඇත්තය. ඇත්ත වන්නට ද පුලුවන. නමුත් මේ සියලු දෙයින් එක් දෙයක්නම් ඇත්ත බව සියලු දෙනාම පවසයි. ගයානි තම ප්‍රේමවන්තයාටත්, ප්‍රේමවන්තයා ගයානිටත්, හදවතින්ම ආදරය කළාය. ප්‍රේම කළාය. පැතුම් පොදිබැදන් ජීවිතය සැළසුම් කලාය.

මේ සියලු දේ සත්‍යය.
නමුත් මේ කුරිරු මරණය තුළින් සමාජය විසදා ගත යුතු ප්‍රශ්ණයක් ඇත. එනම් තම පණට වඩා ආදරේ යැයි කියු, ආදරය කළ ප්‍රේමවන්තියව කුරිරු ලෙස පිහියෙන් ඇන මරා දැමීමට ප්‍රේමවන්තයෙකුට හැකිද…? මෙවන් කුරිරු, නොමිනිස් ක්‍රියාවන් සදහා මේ සමාජය අවස්තාවන් සලසන්නේද…? ආදරවන්තියින්ට පවා ලේ වලින් වන්දිගෙවිමට සිදුවුයේ කුමක් නිසාද…?

සම්පත් බණ්ඩාර සමරකෝන්