ලුතිනන් ඩිංගිරි බණ්ඩාට වධහිංසා පැමිණවීම විභාග කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඒ පිළිබඳව තම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. එය ඩිංගිරි බණ්ඩාට පක්ෂපාතීය.
ඩිංගිරි බණ්ඩා ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ සේවය කළ නිලධාරියෙකි. සිද්ධිය සිදු වු දින එනම් 2000 ඔක්තොම්බර් 21 වන දින ඔහු සාලියපුර කඳවුරේ සිටියේය. මධ්‍යම රාත්‍රියේ ඔහු නින්දේ පසුවන විට පැමිණි හමුදා නායකයින් දෙදෙනෙක් ඔහුව වධහිංසාවට පාත්‍ර කළහ. වධහිංසාවේ ප්‍රතිඵල ලෙස ඔහු අත්විඳි තුවාල වුයේ වකුගඩු ආශ්රිත තුවාල, හුස්ම ගැනිමේ අපහසුතා, ප්‍රජනන ඉන්ද්‍රියන්ගෙන් රුධිරය වහානය වීම සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය දුර්වලවීම ආදීයයි. ඔහුට මාස ගණනාවක් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගැනීිමට සිදුවිය.
ඔහු තමාට වධහිංසා පැමිණවු නිලධාරින්ට එරෙහිව මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරුවේය. එහෙත් එය විභාගයට ගැනීිම නතර කරන ලදි. ඔහු සම්බන්ධයෙන් හමුදා අධිකරණයකදී පරික්ෂණයක් පැවැත්වීම පමණක් සිදුවිය. චුදීත නිළධාරින්ට එරෙහිව නියම කළ එකම දණ්ඩනය වුයේ ජ්‍යෙෂ්ඨත්වය අහිමි කිරිම පමණිී. 1994 අංක 22 දරණ වධහිංසා පනත යටතේ මහාධිකරණයේ නඩු පැවරීමක් සිදුනොවිය. වන්දි නඩුව තවමත් එනම් වසර 5කට වැඩි කාලයක් තිස්සේ විභාග වෙමින් පවති.
ඩිංගිරි බණ්ඩාට ඵලදායි ලෙස සහන ලබාදීමක් දේශීය යාන්ත්‍රණය මගින් සිදුනොවිණි. ඒ වෙනුවට ඔහු නිරන්තර තර්ජන හා බියවැද්දීම් වලට මුහුණ දුන්නෙය. අවසානයේ ඔහු එක්සත් ජාතීින්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කළේය. මේ සඳහා අවශ්‍ය නීති ආධාර හොංකොං හි පිහිටි ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානයෙන් ලැබිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සිය තීිරණය ප්‍රකාශයට පත් කළේය. එය ඩිංගිරි බණ්ඩාට පක්ෂවීම ගැන අප සියලු දෙනා සතුටට පත්විය යුතුයි. මෙහිදී ආණ්ුඩුවේ ස්ථාවරයන් ප්‍රතික්ෂේප කළ මානව හිමිකම් කමිටුව ශ්‍රි ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ 2 (3) වගන්තිය සමග කියවෙන 7 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බව ප්‍රකාශ කර සිටී.
එක්සත් ජාතීින්ගේ මානව හිමිකම් කමිටුව ශ්‍රි ලංකා ආණ්ඩුවට විරුද්ධව තීිරණ ලබාදිම අවස්ථා කිහිපයකදීම සිදුකර ඇත. එනම් ටෝනි ප්‍රනාන්දු සිද්ධිය, වික්ටර් අයිවන් සිද්ධිය, ජයලත් ජයවර්ධන සිද්ධිය, නාලරත්නම් සිද්ධිය හා ලලිත් රාජපක්ෂ යන සිද්ධින් වලදිය. නමුත් එම තීිරණ ආණ්ඩුව සම්බන්ධයෙන් සැලකුවිට අන්ධයකුට පාර කියාදීම හා සමානය.
සින්ගරාසා නඩුවේදී මානව හිමිකම් කමිටුවේ තීිරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරිණි. එහෙත් ඵලක් වුයේ නැත. ජාත්‍යන්තර නීතිය ශ්‍රී ලංකාවේ බලාත්මක වීමට නම් එය පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත විය යුතුයි. එය ශ්‍රේෂ්ඨාධිකරණ තීින්දුවට පදනම විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පළමු වෛකල්පිත ප්‍රොටකෝලයට අත්සන් කරනු ලැබිණි.
සියල්ල උභතෝකොටිකයකි. ජනාධිපතිවරයාට එක් ප්රතිපත්තියකි. පාර්ලිමේන්තුවට තවත් ප්රතිපත්තියකි. සියල්ල බැලුවිට අධිකරණයට සිය පුරවැසියන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නොමැත.
හර්ෂි චිත්‍රාංගි පෙරේරා