වසර 27කට පසුව යාපනයේ, කන්කසන්තුරේ, වල්ලෙයි උතුර, ඌරණි කනිෂ්ඨ විද්‍යාලයේදී අද එම ජනයාට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි විය. වසර 27ක් ඔවුන්ගේ මූලික අයිතිය අහිමි වීමට ප්‍රධානම හේතුව වූයේ එම වසර 27 පුරාවටම එම ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්, ගේ දොර ඇතුලු සියල්ලම භාවිතා කරමින් සිටියේ ශ්‍රී ලංකා හමුදාව විසින් වීමය. මේ වන විට එම ප්‍රදේශයේ ඉඩම් කොටස් කිහිපියක් හමුදාව සිය ග්‍රහණයෙන් නිදහස් කර ඇති අතර දැන් වන විට එම ඉඩම් අයිති ජනයා එම ප්‍රදේශයට පැමිණෙමින් සිටින අතර ඉන් කිහිප දෙනෙක් අද ඡන්ද මධයස්ථානයේදී සිට ඡන්දය ප්‍රකාශ කළේය.

නමුත් තවත් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියද ඔවුන්ගේ නම් එයට අදාළ ඡන්ද හිමි නාම ලේඛණයේ නොමැති නිසා ඔවුන් එම අයිතිය හිමි වූයේ නැත.

‘අපි සංතෝශ වෙනවා අවුරුදු 27කට පස්සේ හරි ඡන්දය දාන්න ලැබිච්ච එක ගැන. හැබැයි තාමත් අපේ ප්‍රශ්ණ විසදිලා නෑ. සමහර ඉඩම් තාමත් හමුදාවෙන් අල්ලගන ඉන්නවා.’

පහත පළවෙන්නේ වසර 27කට පසුව ඌරණි කණිෂ්ඨ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ජනතාවගෙන් කිහිප දෙනෙක්…