ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එම ධූරයෙන් ඉවත් කිරීමට මේ දිනවල රජය ගන්නා උත්සාහය ශාස්ත්‍රඥයන්, පර්යේෂකයින් සහ වෘත්තිකයන් හතළස් පස් දෙනෙකු විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක් මඟින් එයට විරුද්ධ වී ඇත. මෙම ප්‍රකාශය 2019 දෙසැම්බර් 23 වන දින ගරු ජනාධිපති, අගමැති සහ බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත ද යවා ඇත.

මෙම ප්‍රකාශයට මහාචාර්ය සවිත්‍රි ගුණසේකර, මහාචාර්ය ගණනාත් ඔබේසේකර, ආචාර්ය රංජිනී ඔබේසේකර, ආචාර්ය සිරාන් දැරණියගල, ආචාර්ය මයිකල් රොබර්ටස්, ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය මාලතී ද අල්විස්, මහාචාර්ය පූජ්‍ය මහින්ද දීගල්ල, මහාචාර්ය නිරා වික්‍රමසිංහ, දේශමාන්‍ය විද්‍යාජ්‍යෝති ඈෂ්ලි ද වොස්, ආචාර්ය උදාන් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂන රඹුක්වැල්ල, ආචාර්ය කාවන් රත්නතුංග සහ ජගත් වීරසිංහ ආදී ශාස්ත්‍රඥයන්, පර්යේෂකයින් සහ වෘත්තිකයන් විසින් අත්සන් කර ඇත.

මෙම ප්‍රකාශය පහත දක්වා ඇත

ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරීමට බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් දරන උත්සාහය පහත අත්සන් කර ඇති ශාස්ත්‍රඥයන්, පර්යේෂකයන් සහ වෘත්තිකයන් වන අපි තරයේ හෙළා දකිමු. ආචාර්ය රූපසිංහ මහත්මිය ඉවත් කිරීමට අමාත්‍යාංශයේ හේතුව කුමක් දැයි නිල වශයෙන් දැනුම් දීමක් නිකුත් කර නැති බව යන්න පිළිබඳ අපි අතිශයින් සැළකිළිමත් වෙමු.

ආචාර්ය රූපසිංහ මහත්මිය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් කරනු ලැබුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාම යාමෙන් පසුව 2017 වර්ෂයේ අගෝස්තු මාසයේදී ය. රාජකාරි ඉටු කිරීමේදී සිය වෘත්තීය දක්ෂතාව පිළිබඳ ආචාර්ය රූපසිංහ මහත්මිය නොකැළැල් වාර්තාවක් තබා ඇති අතර ඉතා වැදගත් රාජ්‍ය ආයතනයක් ලෙස දෙපාර්තමේන්තුව අනාගතයේදී ස්ථානගත විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ද පෙන්නුම් කරයි. නව පර්යේෂණ උත්පාදනයේදී සහ නව දැනුම නිෂ්පාදනයේදී මෙම දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් භූමිකාවක් ඉටු කිරීමට ඇත. එහිදී ජාතික ලේඛනාගාරය හුදු නියෝජිතායතනයක් වශයෙන් පමණක් නොව වඩාත් ශක්තිමත් සංස්කෘතික සහ ශාස්ත්‍රීය ආයතනයක් වශයෙන් අභ්‍යන්තර ක්‍රියාවලි නවීකරණය කිරීමේදී, කාර්ය මණ්ඩලයේ හැකියාවන් ශක්තිමත් කිරීමේදී සහ රටේ සියලුම ප්‍රජාවන් එකට සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියට අව්‍යාජව ප්‍රවේශවීමේදී ආචාර්ය රූපසිංහ මහත්මියගේ දැක්ම සහ දැනුම අත්‍යාවශ්‍ය බව අපගේ ස්ථීර මතයයි.

ආචාර්ය රූපසිංහ මහත්මිය ඉවත් කිරීමට උත්සහ කිරීමෙන් දැනට ක්‍රියාත්මක වන ආයතනික කාර්යයන් මෙහෙයවීම සඳහා තීරණාත්මක ප්‍රතිපත්ති සකස් කිරීමට කටයුතු කිරීම සහ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින පුළුල් ප්‍රතිසංස්කරණ කටයුතු වැනි දෙපාර්තමේන්තුවේ දූරදර්ශී ක්‍රියාකාලාපයන් කෙරෙහි පසුකාලීනව නිවැරදි කළ නොහැකි අහිතකර බලපෑම් ඇති විය හැකිය. රජයේ නිලධාරීන් විසින් දක්ෂ වෘත්තිකයන් ඉවත් කර, ඉතා සුළු තාක්ෂණික දැනුමක් ඇති එම නිලධාරීන් විසින්ම, ඉතා හදිසි සහ කාල සංවේදී කාර්යයන්, විශේෂයෙන්ම සියවස් ගණනාවක් පැරණි ලේඛන සංරක්ෂණය කිරීමට සකස් කර ඇති ව්‍යාපෘති, නතර කිරීමට මැදිහත් වුවහොත්, ආයතන ශක්තිමත් කිරීමට සහ සංවර්ධනය කිරීමට කිසිසේත් නොහැකි වනු ඇත. එබඳු අත්තනෝමතික, නොසැළකිළිමත් සහ අනර්ථකාරී ක්‍රියාවන් ජාතික අධිලේඛන උරුමය කෙරෙහි සෘජුව තර්ජනය කරන අතර එය තරයේ හෙළා දැකිය යුතුය.

පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ආචාර්ය රූපසිංහ මහත්මිය ඉටුකළ ප්‍රධාන ඉලක්ක කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන ලෙස අප තරයේම රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

01. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ල නවීකරණය සංකල්පීයකරණය කර, එය ප්‍රතිසංස්කරණය කර, මධ්‍ය වායු සමීකරණය, ගිනි නිවීමේ සහ උසස් ආරක්ෂණ පද්ධතීන් ස්ථාපිත කිරීම සඳහා රුපියල් බිලියනයක වටිනාකමකින් යුක්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.

02. 1885 වර්ෂයේ සිට පැවැත එන ලෝකයේ පැරණිතම නීතිමය තැන්පතු නීතිය නූතන අවශ්‍යතාවයන්ට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයට කෙටුම්පත් කිරීම.

03. ගොඩනැගිල්ල නවීකරණ කටයුතු හේතුවෙන් නව ස්ථානයක තැන්පත් කිරීම සඳහා අති විශාල අධිලේඛන එකතුවක් පිරිසිදු කිරීම, නැවත නව ආවරණවල යෙදීම සහ අම්ල රහිත පෙට්ටිවල ඇසිරීමට සැළසුම් කිරීම.

04. වසර ගණනාවක් තිස්සේ අනුමත කර ගැනීමට නොහැකිව තිබූ බඳවාගැනීම් පටිපාටි සඳහා අනුමැතිය ලබා ගැනීම සහ අධීක්ෂණ මට්ටමේ ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම.

ඉහත සළකා බැලීම් අනුව ආචාර්ය රූපසිංහ ඉවත් කිරීමේ උත්සාහය වහාම නතරකර ඒ වෙනුවට ඇයගේ රාජකාරී කාර්යයන් සඳහා සහාය පළ කරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. රජයේ නිලධාරීන්ගේ සීමාකිරීම් සහ බාධාකිරීම්වලින් තොරව දෙපාර්තමේන්තුවට සහ එහි කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීමට අවස්ථාව සළසා දිය යුතුය. අපගේ මතය වන්නේ අප රටේ පොදු ඓතිහාසික මතකයන් ආරක්ෂා කිරීමේ සෘජු වගකීම ඇති ස්ථිරසාර ආයතනයක් වන මෙම දෙපාර්තමේන්තුව සමඟ රජයට ඇති සම්බන්ධයට කිසිම ආකාරයකින් පක්ෂවාදී හේතූන් බලපෑම් නොකළ යුතු බවය. මෙම අතිශයින්ම වැදගත් කර්තව්‍යය කළ හැක්කේ වෘත්තීය විශිෂ්ටත්ව‍යේ, අවංකකමේ සහ ආචාරධර්මික කල්ක්‍රියාවේ මූලධර්ම පිළිපැදීමෙන් සහ රැක ගැනීමෙන් පමණකි.

අප ස්ථීර ලෙසම ඒකමතිකව ආචාර්ය රූපසිංහ සමඟ සිටින අතර, වර්තමාන තත්ත්වය වහාම නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටිමු.

SIGNATORIES

1. Dilum Alagiyawanna
2. Liyanage Amarakeerthi
3. Crystal Baines
4. Dr. Malathi de Alwis
5. Venerable Professor Mahinda Deegalle—Bath Spa University
6. Dr. Siran U. Deraniyagala—Retd. Director-General of Archaeology (1992-2001), Archaeological Department of Sri Lanka
7. Desamanya Vidya Jyothi Ashley de Vos
8. Visaka Dharmadasa
9. Geethika Dharmasinghe—PhD Candidate, Cornell University
10. Ruki Fernando
11. Sajini Fernando—Attorney-at-Law
12. Dr. Udan Fernando
13. Prof. Savitri Goonesekere
14. Sanjana Hattotuwa—Founding Editor, Groundviews.org
15. Samal Hemachandra
16. A. Jafferjee
17. Dr. Janaki Jayawardena—Dept. of History, University of Colombo
18. Ramya Chamalie Jirasinghe—Author and Researcher
19. Anushka Kahandagamage, Reading for MPhil/PhD in Sociology, South Asian University, New Delhi
20. Dilkie Liyanage
21. S. Marcelline
22. Dr. Chinthaka Prageeth Meddegoda—University of Visual and Performing Arts
23. Nigel Nugawela—Archivist
24. Gananath Obeyesekere—Professor Emeritus, Princeton University
25. Dr. Ranjini Obeyesekere—Retired Professor, Princeton University
26. Johann. A. Peiris
27. Iromi Perera
28. Deborah Philip
29. Harshana Rambukwella—Open University of Sri Lanka
30. Dr. Kavan Ratnatunga—Research Scientist
31. Dr. Michael Roberts—Adjunct Associate Professor, University of Adelaide
32. Dr. Sumanthri Samarawickrama
33. Dr. Jagath P. Senaratne
34. Mrs. K. Stephan
35. Sandun Thudugala—Social Activist
36. Tanuja Thurairajah
37. Praveen Tilakaratne
38. Thakshala Tissera
39. Senel Wanniarachchi
40. Jagath Weerasinghe—former Director, Postgraduate Institute of Archaeology, and Director Archaeology, Sigiriya World Heritage Site of CCF
41. Shamara Wettimuny—University of Oxford
42. Prof. Nira Wickramasinghe—Leiden University
43. Subha Wijesiriwardena—Women and Media Collective
44. Mrs. P. Wimalaratne-van der Geest
45. Dr. Dileepa Witharana

මෙහි ඉංග්‍රීසි පිටපත සදහා පිවිසෙන්න