සිංහල

13 වන සංශෝධනයට යටවු සර්ව පාක්ෂික කමිටු යෝජනා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක් පිහිට වුයේ ජාතික ගැටළුවට දේශපාලනමය විසඳුමක් යෝජනා කිරීම සඳහාය.වසර එකාහමාරක් පුරා 90 වාරයක් පමණ මුණගැසුනු අදාල කමිටුවේ සාකච්ඡා කළ කරුණු පිටු 11,000 පමණ වෙතැයි කියවේ. නමුත් හිටි අඩියේ රජය පැත්තෙන් 1987 ඉන්දු ලංකා ගිවිසුම හරහා ස්ථාපිත කෙරුණු 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ගැටළුවට සුදුසු විසඳුම ලෙස ඉදිරියට ගෙන එනු ලැබුවා. මෙහිදි සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති තිස්ස විතාරණ මහතා පිටු නමයකින් සමන්විත ලියවිල්ලක් සර්ව පාක්ෂික කමිටුවේ යෝජනා ලෙස ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා. බොහෝ මධ්‍යස්ත විචාරකයින්ගේ මතය වුයේ මෙය විධායකයේ උවමනාව මත සිදුකෙරුන්නක් මිස සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ යෝජනා නොවන බවයි. හදිසියේ ඉදිරිපත්වු මෙම ලියවිල්ලත් සර්ව පාක්ෂික කමිටුවේ යෝජනාවන්ට සිදුවුයේ කුමක්ද යන්නත් පිළිබඳව විකල්ප මෙරට ප්‍රමුඛ පෙළේ නීතිවේදියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙකුද වන ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා සමග සංවාදයක නිරත වුවා. ඉහත දැක්වෙනුයේ එම සංවාදය ඇතුළත් විඩියෝ පටයයි.