සිංහල, Colombo, Economic issues, Life quips

පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් – බත් පාර්සලය

සුනන්ද දේශප්‍රිය

බදාදා දහවල් බත් පාර්සලය ලිහා බැලුවිට අද රටේ බඩුමිල එහි ලියා තිබුණා වැනි විය.

එහි තිබුනේ වෙළද පොලේ ලාබයටම ගත හැකි සහලින් පිසූ බත්. දිග අතට කපා පිසූ කොහිල හැන්දක්, මංඤොක්කා කෑල්ලක් සහ කෙසෙල් මුව මැල්ලුම් හැන්දකි. මේ එලවළු තුනම ලාභයටම ගත හැකි ඒවා ය. බොහෝ විට වැඩිවියට පත් නොවූ කිකිලියක විසින් දමන ලද සොයා ගැනිමට දුෂ්කර තරමේ බිත්තරයක් ද විය.