සිංහල, Gender, Matale

අදහස් ප්‍රකාශනය ඇයට (අ)කැපයි…?

මේනකා ප්‍රියදර්ශණි

ජාත්‍යන්තර කාන්තා දිනය (මාර්තු 08) සමරා දැනට මාස 06 කුත් ගෙවි හමාරය. ලෝක ළමා දිනය, ජාත්‍යන්තර ඒඩ්ස් දිනය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ද ඉදිරි මාස කිහිපය තුල උත්සවාකාරයෙන් විවිධ හැඩතල වැඩසටහන්වලට දෙමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමරන වග ද අමුතුවෙන් කිව යුතු නොවේ. මෙවන් මොහොතක ද්විලිංගික සමාජ සත්ව දෙපාර්ෂවයෙන්ම (ස්ත්‍රී /පුරුෂ) මෙම වැඩසටහන් උදෙසා මහගු දායකත්වයන් ලැබෙනු නොඅනුමානය.
 
      එහෙත්, සර්ව සාධාරණත්වය ගරු කරන හා සමානාත්මතාවය අගය කරන මිනිසුන් වෙ නම්, ඔවුනගේ අවධාණය යොමු කරනු පිණිස මෙන්ම, සිතීමේ නිදහසින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කරා යන ගමන් මගට අත්වැලක් වනු පිණිස මේ අදහස සටහන් කරමි
 
    එු් අන් කිසිදු ගැඹුරු කරුණක් නොව  මේ සමාජ ක්‍රියාදාමයන් මෙහෙය විම තුල ස්ත්‍රියට මුලිකත්වය දරන්නට පුරුෂ කේන්ද්‍රීය සමාජය ඉඩදුන්නේද? ඉඩ දෙන්නේද යන්න පිළිබඳවූ ගැටලුවයි
 
සමාජය තුල සම තැන පිළිබඳව මාගේ තර්කය සමතැන ඉල්ලන කාන්තා සංවිධාන සමග විවාදාත්මක වුවද දෑස් ඉදිරිපිටම සනාථවන එක් කරුණක් ඇත. ඒ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වලද ප්‍රධාන භූමිකාව කාන්තාවකට හිමිවීම පුරුෂ සමාජයට දැරිය නොහැකි අවමානයක්  හිසරදයක්  වග නොඅගවා අගවන බව මෙන්ම, තීන්දු තීරණ ගැනීමේ කටයුත්තේදී ද නිවසේදී මෙන්ම ආයතන තුලදීද බොහෝවිට දක්නට මෙන්ම විදින්නටද ලැබෙනුයේ ගෑනුන්ගේ තීරණ දියාරු තීරණ බැවින් එකගවිමට පුරුෂයන් දක්වන මැලිබවයි. (මෙසේ නොවන තීරණ තීරණ ලෙසම සලකන මහත්වරු අතලොස්සක් මේ සමාජයේ වන බැවින් මේ අදහසේ කස පහර ඔවුනට එල්ල නොවනු ඇත.)
 
සමස්ථය සැලකූවිට අධ්‍යාපන ක්‍රමය, ජීවත්වන සමාජය, එලඔෙන ගැටලු එක හා සමාන වේ නම් තීන්දු හෝ  තීරණ , මිනිසාගෙන් මිනිසාට වෙනස්ව්ම හැර ස්ත්‍රී හෝ පුරුෂ ලිංග භේදය එයට අකුලක්, බාධකයක් නොවනු ඇති වග මාගේ හැගීම හා දැනීමයි. එය එසේ වී නම් වැටත් නියරත් ගොයම් කෑම පිළිබඳව පවසා ඇගබේරා ගැනීමේ න්‍යායෙන් බැහැරව විවෘත මනසකින් පහත කරුණු පිළිබඳව සිතන්නට මනුෂ්‍යත්වයෙන් ආරාධනා කරමි.
 
 
තින්දූ තීරණ ගන්නා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය කොපමණවේද?
දේශපාලන පක්ෂතුල කාන්තාවන්ට දේශපාලනයට එක්විමට ඉතිරි කරන, නැතිනම් දෙන අවස්ථා කොතරම් අල්පද
රාජ්‍ය නොවන ආයතනවල මුල් පුටුවල කාන්තාවන් සිටින්නේ සමස්ථය සැලකූ විට අතලොස්සක පමණිී
සංවිධානතුල කාන්තාවන් සිතන පතන ආකාරය ක්‍රියාවට නැංව්මට පෙර සංවාද තර්ක කොතරම් ප්‍රමාණයකට ඇයට පිළිතුරු සපයන්නට වේද?
කාන්තා සංවිධාන වල මුල පුටු හොබවන්නට මහත්වරු කෙතරම් අකමැතිවේද?
සමහර සංවිධාන හා ආයතන තුල කෙතරම් සුදූසුකම් තිබුනද ඉහල පුටුවකට යාමට කින්තාවක් විම නිසාම කාන්තාවන්ට ගැටලුවක් නොවේද?
මවක, බිරිදක, දියණියක මෙන්ම සොයුරියක ලෙස ගැහැණිය සමාජයට පුරුෂයාට වඩා සංවේදී විම සමාජ භූමිකාවට තීරණ ගැනීමේදී කෙතරම් සවියක් සපයයිද ?
 
අවසන මෙසේ සටහන් කරමි .“ලැබිය යුතු යමක් වේ නම් දිනක යම් සුදුස්සාටම අයිති විය යුතු “ඔබ කීවාට ආදරණීය බ්‍රෙෂ්ටි ඇයට හිමි අහිමිකාරීත්වයමද?