සිංහල, Colombo, Human Rights, Peace and reconciliation

මට්ටක්කුලිය – මොරටුව බස් රථයේ බෝම්බ පිපිරුම

ඊයේ දහවල් 1.45 ට පමණ මට්ටක්කුලිය සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබූ (මාර්ග අංක 155) ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් රථයක් තුළ තබා තිබූ පාර්සල් බෝම්බයක් කොළඹ 7 හෝර්ටන් වටරවුම අසලදී පුපුරා ගියේය. මෙම පිපිරීමේන් පුද්ගලයන් හත් දෙනෙකුට තුවාල සිදුවිය. බස් රථය තුළ තිබූ හිමිකරුවෙක් නොමැති බෑගයක් පිළිබඳව සැක සිතු කොන්දොස්තරවරයා එය ඒ අසල පාරේ රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිසියේ නිලධාරියෙකුට දැනුම් දී ඇත. පසුව එම නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකුගේද සහාය ඇතිව බස් රථයේ සිටි මඟීන් ඉන් බස්සවා බස් රථය වාහන තදබදය අඩු ආනන්ද කුමාරස්වාමි මාවත වෙත ගෙන ගොස් තිබේ. බස් රථය එහි නවතා තබා විනාඩි පහකට පමණ පසුව, බෝම්බ නිශ්ක්‍රිය අංශය එම ස්ථානයට පැමිණෙන අතර තුර බස් රථය තුල තිබූ බෝම්බය පුපුරා ගියේය. එම පිපිරීමේන් එම අවස්ථාවේ පාරේ ගමන් ගනිමින් තිබු වාහනයකටද හානි සිදුවිය. ඉහත විඩියෝ පටවලින් දැක්වෙනුයේ පුපුරාගිය බස්රථයේ දර්ශන හා එහි කොන්දොස්තර මහතා හා රියදුරු මහතාගේ අදහස් දැක්විම් ඇතුලත් දර්ශන ය.