සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ආණ්ඩුව හා වන්නි අවතැන් ජනයා – කුමුදිනී සැමුවෙල්


‛‛වන්නියේ ඉන්න අනාත වූ පිරිස් තවම වව්නියාවට ඇවිත් නැහැ. වව්නියාවට එන්න ඒ අයට කිසිම විදිහකුත් නැහැ. එක පැත්තකින් ඒ අයට එල්ටීටීඊ එකෙන් තහංචි තියෙනව දකුණට එන්න . අනෙක් පැත්තෙන් ඔවුන් දකුණට ඒම ගැන ඉතාමත්ම බයෙන් ඉන්න බව තමයි අපිට ආරංචි තියෙන්නෙ. ආණ්ඩුවේ බලාපොරොත්තුවක් තියෙනව ඒ ගොල්ලො දකුණට (වව්නියාවට) එයි කියල. අද කෙරීගෙන යන යුධ මෙහෙයුම් එක්ක. ආණ්ඩුවේ සූදානම වව්නියාවේ අනාත කඳවුරු ඇතිකරල මේ අය අනාත කඳවුරුවල තියගෙන හොද සෝදීසියක් කරන්න. ඒත් ඊට පස්සේ කරන්නේ මොනවද කියන එක ගැන ආණ්ඩුවට අදහසක් නැහැ. මිනිස්සුන්ගෙ භයක් තියෙනව වන්නියෙන් ඇවිත් අද මන්නාරමේ සිටින අනාත පිරිස් රැඳවුම් කඳවුරක වගේ රඳවාගෙන ඉන්නව ඒ අයට එහෙට මෙහෙට යන්න ඉඩක් නැහැ. නෑදෑ හිතමිතුරන් එක්ක ජීවත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනව නම් ඒකට ඉඩ කඩ නැහැ. මේ නිසා වන්නියේ ජනතාවට බයක් තියෙනව වව්නියාවට එන්න. ලක්ෂ හතරක විතර ජනතාවක් වන්නියේ ඉන්න බවයි කියවෙන්නේ ඉන් 165000 පමණ මෙහෙයුම් එක්ක අවතැන් වෙච්ච පිරිස්. වන්නියේ ඉඳල ආපු අය අපට කිව්ව’’

මෙරට ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ කුමුදිනී සැමුවෙල්ස් මහත්මිය වව්නියාවේ සංචාරයකින් පසු වන්නියේ අවතැන් ජනතාව පිළිබඳව විකල්ප සමග කල සංවාදයක් ඉහත විඩියෝ පටයෙන් දැක්වේ.