සිංහල, Colombo, Peace and reconciliation

කොළඹ කොටුව මල්වත්ත පාරේ බෝම්බ පිපිරුමක්

අද (29) දහවල් 12.30 පමණ පිටකොටුව මල්වත්ත පාරේ දී බෝම්බ පිපිරීමක් සිදුවූවා. මල්වත්ත පාරේ වාරාය පැත්තේ කෙළවර පිහිටි වාහන නැවතුම් පලක නවතා තිබූ වෑන්රථයක් තුළ මෙම පිපිරුම සිදුව ඇතැයි පොලීසිය පවසයි. මෙම සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර වාහන කිහිපයකටද අලාභහානි සිදුවී ඇත.