සිංහල, Colombo, Democracy, Life quips

’‛ හොඳම දේ දරුවන්ටයි’’ – ‛‛ලාබයි ළමයි ලාබයි’’

cdp-n1.jpg
සෑම වසරක මෙන්ම මේ වසරේද මහ ඉහලින් ලෝක ළමා දිනය සැමරීමට මෙරට රජය, මාධ්‍යයන් මෙන්ම ස්වෙච්ඡා සංවිධානද සියල්ල සූදානම් කොට ඇත. රජය සුපුරුදු පරිදි රාජ්‍ය උළෙලක් සංවිධානය කර ඇති අතර මාධ්‍ය ආයතන සිය වෙළද තරඟකාරීත්වයේ ප්‍රවර්ධනයක් ලෙස විවිධ වැඩසටහන් මගින් මෙම දිනය විකිණීමට සියල්ල සූදානම් කර තිබේ.රාජ්‍ය නොවන සංවිධානද සිය ව්‍යාපෘති වල සඳහන් තවත් එක් වැඩසටහනක් සැමරීමට සුදානමින් සිටිති. හෙට වන විට සිය කැලැන්ඩරයේ තිබෙන තවත් වැඩසටහනකට මේ සියළු දෙනා සුදානම් වනු ඇත.එහෙත් විදී පුරාත්,යුධ පිටියේත්, තම නිවාසතුලත් සිය ලමා කලය අහිමිව දුක්විඳින දහස් ගනන් දරුවන් ගේ ජීවිත වලට කිසිදු වෙනසක් සිදුනොවනු ඇත. තිස් වසරක් පුරාවට මෙරට වෙලාගෙන තිබෙන නිරර්ථක යුද්ධයේ ප්‍රධානම ගොඳුර බවට පත්ව ඇත්තේ ද ලමුන් හා ස්ත්‍රීන්ය. යුද වැදී සිටින දෙපාර්ශවයම සිය දේශපාලනික රංගනයේ බිලී පුජාවට රැගෙන ඇත්තේද ඔවුන්වමය.
මේ වසරේ ළමා දිනය සමරන විට ලංකාව තුළ සියළු ලමයින්ට, මිනිසුන්ට ජීවිතය වෙනුවට ලැබෙමින් ඇත්තේ මරණයයි.සතුට වෙනුවට ලැබෙමින් ඇත්තේ වේදනාවයි, ප්‍රේමය වෙනුවට ලැබෙනු ඇත්තේ වෛරයයි, ලමුන්ට සෙල්ලම් බඩු වෙනු වට ලැබෙනු ඇත්තේ සෙල්ලම් තුවක්කුයි, විර කතා වෙනුවට ලැබෙමින් ඇත්තේ මරණය වැලඳගත් වීර යැයි සම්මත කතාය. එසේවූ විට ලෝකයේ සියළු දෙනා පිලිගන්නා ‛‛හොදම දේ ළමුන්ට’’ යන තේමාවත් ඒ තේමාවේ සිහිනයත් අලුත් ලංකාවේ බොඳ වී යන සිහිනයක් බවට පත්වෙමින් තිබේ.