සිංහල, Colombo, IDPs and refugees, Life quips, Peace and reconciliation

වන්නි අවතැන්වුවන් වෙනුවෙන් ආහාර ටොන් 5000 ක්

වන්නි ප්‍රදේශයේ අවතැන්වි සිටින දෙලක්ෂ විසිදෙදහසකට අධික සරණාගතයන් ට බෙදාහැරිම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි පනස් එකක් වන්නියට පිටත් කර හැරිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඉදිරියේදීත් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙට්‍රක් ටොන් 5000 අදාල ප්‍රදේශ වලට යැවීමට කටයුතු කරන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් එස්. ප.ී දිවාරත්න පැවසුවා.
පසුගිය කාල සීමාව පුරා හමුදාව හා එල්ටීටීඊ ය අතර ඇතිවූ සටන් හේතුවෙන් දෙලක්ෂ විසිඑක් දහසකට අධික පිරිසක් වන්නියේ අවතැන්ව සිටින බව අයි.ඒ.එස්.සීි ආයතනයේ වාර්ථා පෙන්වා දෙයි. එම වාර්ථාවට අනුව මෙවන විට කිළිනොච්චි දිස්ත්‍රික්කයේ 74,347 හා මුලතිව් දිස්ත්‍රික්කයේ 147,313 ක් පමණ සරණාගතයන් පිරිසක් රැඳී සිටියි. පසුගිය 16 වැනිදා වන්නියේ රැඳී සිටි රාජ්‍ය නොවන සංවිධාන ඉන් ඉවත් විමත් සමගම මෙම සරණාගතයන් අහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට මුහුණ පෑවා. පසුව රජය මේ සඳහා මැදිහත් වී වන්නියට අහාර ද්‍රව්‍ය ගෙන යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවසර දෙනු ලැබුවාය.
‛‛ අවතැන් වූවන්ට ලබාදීම සඳහා මෙට්‍රක් ටොන් 650 අහාර ද්‍රව්‍ය පිටත් කර හැරිය බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩන් වයිස් මහතා ප්‍රකාශ කලා. වැඩි වශයෙන් ජනතාව අවතැන් වි සිටින කිළිනොච්චියට නැගෙනහිරෙන් වූ ප්‍රදේශයට මෙම අහාර ද්‍රව්‍ය වැඩිවශයෙන් බෙදාහරින බවත් ඊට අමතරව තවත් ස්ථාන හතරකදී ද ආහාර බෙදා දීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසූවා.විශ්වමඩු, ධර්මපුරම්, පුදුකුඩිඉරප්පු හා මුලතිව් එම ස්තාන හතරයි.’’
මෙම ආහාර ලොරි සමග එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් 7 දෙනෙකුද වන්නියට පිටත් වූ අතර ඔවුන් ආහාර බෙදා දිම පිළිබඳව අධීක්ෂණ කටයුතු කිරිම සඳහා දින තුනක් එහි රැදී සිටිමට ද බලාපොරොත්තු වනවා. මෙම ලොරි ඒ 9 මාර්ගය වෙනුවට ඒ 34 මාර්ගය ඔස්සේ වන්නියට යැවු බවත් අදාල ප්‍රකාශකයා පවසා සිටියා.

සංජය නල්ලපෙරුම
ඉන්ටර් නිවුස්