සිංහල, Colombo, Democracy, Peace and reconciliation

කිළිනොච්චිය මුදාගැනීම යුද්ධයේ අවසානයද ?


හතරවන ඊළාම් යුද්ධය එහි ප්‍රබල සංධිස්ථානයකට අවතීර්ණ වී ඇති බව පෙනෙන්නට තිබේ. තව නොබෝ දිනකින් එල්ටීටීඊ යේ පරිපාලන අගනගරය වන කිළිනොච්චිය සිය ග්‍රහණයට ගන්නා බව රජයේ හමුදා කියා සිටියි. එසේම කිළිනොච්චියට බටහිර දෙසින් විශාල කොටසක්ද දැන් රජයේ හමුදා විසින් අල්ලා ගෙන ඇති බවද කියවේ. රජය හා හමුදාපතිවරයා කියන්නේ මේ එල්ටීටීඊ යේ මෙන්ම යුද්ධයේද අවසානය බවයි. කිළිනොච්චිය අල්ලා ගැනිමෙන් යුද්ධය අවසන් වන්නේද යන මාතෘකාව යටතේ සම්මුක සාකච්ඡා පෙළක් විකල්ප විසින් අරභා ඇත. එහි පළමුවැන්න සඳහා විකල්ප සමග සිය අදහස් දැක්වීමට එක් වුයේ මාධ්‍යවේදියෙකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ කුසල් පෙරේරා මහතායි. ඉහතින් දැක්වෙනුයේ ඒ මහතා ‛‛විකල්ප’’ සමග දැක්වූ අදහස් ඇතුලත් විඩියෝ පටයයි.