සිංහල, Life quips

ආදරය සහ චේ….

 chep.jpg

සදාදරණිය චේ,

නුඹ මරා දැමු මොහොතේ සිටම බොහෝ ආදරණිය මිනිසුන්, ඔබ මරා දැමූ ඒ මුග්ධ බලය විසින්ම මරා දැමූහ. සාධාරණ, නිදහස් සමාජයක් වෙනුවෙන් වෙහෙසුනු මිනිසුන්, ගැහැණුන් මරා දැමූහ. එසේම ඒ මුග්ධ බලයේ එම අවතාරම වෙනත් ලෙසින් ලෝකයට ආදරය කරන, නිදහස සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින බොහෝ මිනිසුන් ලොකයේ සෑම තැනම මරා දමමින් ඇත. අතුරුදහන් කරමින් ඇත. එය ඔබ මරා දැමු ලතින් ඇමරිකානු දේශයේ සිට ලංකාව දක්වාම සිදු වෙමින් තිබේ. කිසිදු සරණක් නැති මිනිසුන්, කිසිදු වරදක් නැති මිනිසුන්, නිදහස ඉල්ලා කෑමොර දෙන දහසකුත් මිනිසුන්, අමාණුෂික ආකාරයට විනාශ කරමින් ඇත.

එපමණක් ද නොවේ,

ලෝකයට ආදරය කිරීම වෙනුවට ලෝකයට, අනෙකාට වෛර කිරීම ට ද ඔවුන් උගන්වමින් ඇත.

එබැවින් එදාට වඩා ඔබ අද මෙලොවට අවශ්‍යම මොහොතයි මේ.

‘Let me say with the risk of 

appearing ridiculous that the true revolutionary is guided 

by strong feeling of love.’ 

CHE