සිංහල, Economic issues, Gender, Hambantota

වැන්දඹු කාන්තාවන්ට ආධාර

හම්බන්තොට කාන්තා මහ සංගමය විසින් නෙදර්ලන්ත රතු කුරුස සමාජයේ ආධාර ඇතිව සුනාමි ව්‍යසනයෙන් වැන්දඹු තත්ත්වයට පත් පවුල් 158 සඳහා මූල්‍ය ආධාර පිරිනමා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැන්දඹු පවුල් 17000 පමණ සිටින අතර එය දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් 10% ප්‍රතිශතයකි. මෙම ප්‍රමාණයෙන් 50% වයස අවුරුදු 50 වැඩි කාන්තාවන් වීමද විශේෂ තත්ත්වයකි.

සමාජයෙන් කොන්වී හුදෙකලාව දිවිගෙවන වැන්දඹු කාන්තාවන්ගේ මානසික තෘප්තිය වර්ධනය කර ආර්ථික හා සමාජමය වටිනාකමක් ඔවුන්ට ලබාදීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ බව කාන්තා මහ සංගමයේ විශේෂිත වැඩසටහන් අංශයේ සම්බන්ධිකාරිකා පුෂ්පා රංජනී මහත්මිය විකල්ප සමග පැවසූවා ය.