සිංහල, Colombo, Education, Featured Video, Governance, Video

HNDE සිසු උද්ඝෝෂණය

[youtube]http://www.youtube.com/watch?v=U_65G51vV28[/youtube]

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ පරිපාලනය වෙනස් කරන ලෙස ඉල්ලා HNDE සිසුන් ඊයේ (15) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වූවා. ඊයේ දහවල් විහාර මහ දේවී උද්‍යනයේ සිට පාගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණි සිසුහූ පැය දෙකට ආසන්න කාලයක් මහ මාර්ගය අවහිර කරමින් සත්ර්‍‍යග්‍රහයේ නිරත වුවා.
දිගින් දිගට ම තම ඉල්ලීම් උසස් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් විසින් නොසලකා හැරීම නිසා මෙවැනි සත්‍යග්‍රහ ව්‍යාපාරයකට යොමු විමට සිදුවූ බව HNDE ශිෂ්‍ය සංගමයේ ලේකම් බුද්ධික කුමාර මහතා පැවසූවා.
ඉහත දැක්වෙනුයේ එම සත්‍යග්‍රහයේ අවස්ථා ඇතුලත් විඩියෝ පටයි