Anuradhapura, සිංහල, Democracy, Education

මැර ප්‍රහාරයට එරෙහිව අනුරාධපුරයේ උද්ඝෝෂණ

ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මෙතෙක් එම මැරයන් අත්අඩංගුවට නොගැනීමට එරෙහි උද්ඝෝෂණයක් අද (05) අනුරාධපුරයේ උතුරු මැද මහ ඇමති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. මේ සඳහා ගුරුවරු විශාල පිරිසක් ද සහභාගී වු බව වාර්ථා විය.
අනුරාධපුර අධ්‍යාපන කර්යාලය තුළ සිදුවන දූෂණ හා වංචා ක්‍රියාවන්ට විරෝධය පාමින් එම ක්‍රියා නතර කරන ලෙසට දිගින් දිගටම හඬ නැගුවද එයින් ප්‍රථිපල අත් නොවූ බවත්, එහෙත් ඒ වෙනුවට සිදුවූයේ එම දූෂණ හෙළි කළ ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට මැරයන්ගේ පහර කෑමට ලක්වීමට බවත් මෙහි දී අප සමග අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපති ජොෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කලේය.