සිංහල, Democracy, Matale

ජනකගේ පුතාත්, රෝහණගේ සොහොයුරාත් මධ්‍යම තරඟයට


මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් ඉදිරිපත් කරනු ලබන නවක අපේක්ෂකයින් ලෙස, නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සොහොයුරා ද, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ පුතා ද ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තාවේ. කෙසේ වෙතත් මේ නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ආසන සංවිධාකයින්ට තම සංවිධායක ධූරය අහිමි වී යන තත්වයක් මතු වි තිබෙන බැවින් ඉදිරියේ දි යම් ව්‍යාකූල තත්වයක් මතු විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේම මධ්‍යම පළාත් සභාව එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක ලෙස එස්. බී. දිසානායක මහතාත්, සන්ධාන අපේක්ෂක ලෙස හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතාත් ඉදිරිපත් කිරීමට සූදානම් බව ද වාර්තාවේ.
මධ්‍යම පළාත් සභාව සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 10ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 14ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 30ක් ද තොරා පත්කර ගැනීමට නියමිතයි.