Anuradhapura, සිංහල, Corruption

මහ මාර්ග ඉඩම ඇමති හිතවතෙකුට

මහ මාර්ග දෙපාර්තමේන්තුවට අයත් හොරොවිපොතාන නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට ලබාදී ඇතැයි වාර්තාවේ. මීට පෙර අවස්ථාවකදී ද මෙම ඇමතිවරයා මෙම ඉඩම අත්පත්කර ගැනීමට උත්සාහ ගත් අතර මහජන විරෝධය නිසා එය නතර කර තිබේ. පසුව මහ මාර්ග අමාත්‍යාංශය විසින් ඉඩම රෝහලක් තැනීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාදී තිබියදී එය තම ආධාරකරුවෙකුට ලබාදීමට මෙම ඇමතිවරයා කටයුතු කර ඇති බව ප්‍රදේශවාසීහූ පැවසූහ. විකල්ප මේ පිළිබඳව හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වීමසීමක් කරනු ලැබුවා.එහිදී අප සමග අදහස් දැක්වූ එහි සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා පැවසූවේ ‛‛අදාල ඉඩම පිළිබදව ගැටළුවක් ඇතත් ප්‍රාදේශීය ලේකම්වරයා අසනීප නිවාඩු ලබා ගෙන ඇති නිසා ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කිරීමට බැරි බවයි.