සිංහල, Colombo, Democracy, Media

‛සිරසට’ වෙඩි තබයි

සිරස මාධ්‍ය ජාලයට අයත් දෙපානම මැදිරි සංකීර්ණයට අද අළුයම 2.00ට පමණ පැමිණි ආයුධ සන්නධ මැර පිරිසක් පාලන මැදිරිය ඇතුලු සෑම තැනකටම බෝම්බ ගසා, වෙඩි තබා විනාශ කොට ඇත. මෙහිදී සය දෙනකුට ආසන්න පිරිසක් ආරක්ෂක නිළධාරින්ට පහර දි මැදිරි සංකීර්ණයට ඇතුලු වී මෙම විනාශය සිදු කොට ඇත. මෙම සිද්ධියට දින කිහිපයකට පෙර පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් මෙම මැදිරි සංකීර්ණය එල්ල කරන ලද අතර ඊයේ(5) සවස අංක තහඩු නොමැති සුදු වෑන් රථයක් මෙම මැදිරි සංකීර්ණය අවට සැරි සැරූ බව සිරස වාර්තා කලේය. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල කිරිම නිසා සිරස මැදිරි සංකීර්ණය බරපතල හානි සිදු වි ඇති බව වාර්තා වේ.