සිංහල, Colombo, Life quips

වික්ටර් ක්ලේමෝ

සුනන්ද දේශපි‍්‍රය

හිනා යන පරණ කතාවක් කව්දෝ විද්්‍යුත් තැපෑලෙන් එවා තිබුණි. ඒ මෙසේ ය.

අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? රජතුමා ඇසීය. රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ කීය. දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය. තුඃ නොදකින් ජරා කෑම, රජතුමා කීය. අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය. ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය. සිනාසුනු අන්දරේ මෙසේ කීවේලූ. මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ!!

මෙරට බොහෝ නිලධාරීන් සේවය කරන්නේ් ද මහජනයාට නොව රජතුමන්ට ය. ජනාධිපතිනි චන්දි‍්‍රකාට දේශපාලන බැලමෙහෙවරෙහි යෙදුනු බොහා් නිලධාරීන් දැන් රාජපක්ෂ පවුලට එළෙස ම බැලමෙහෙවරෙහි යෙදෙන පරිදි ය.
මට මේ කතාව මතක් වූයේ පොලිස් නිලධාරියකු කී කතාවක් නිසා ය.

පොලිස් නිලධාරීන් අතර කියැවෙන නව ක්ලේමෝ බෝම්බ වර්ගයක් තිබෙන බව ඔහු කීවේ ය. ඒවාට කියන්නේ වික්ටර් ක්ලේමෝ කියා ය. වික්ටර් කියන්නේ වෙනින් කව්රුවත් නොව පොලිස්පති වික්ටර් පෙරේරාට ය.

මේ ක්ලේමෝ සොයා ගනු ලබන්නේ ආණ්ඩු පක්ෂයට අවාසි දායක අවස්ථාවලදී ය. මේ ක්ලේමෝ සොයා ගැනෙන්නේ පුපරන්න ඔන්න මෙන්න කියා තිබිය දී ය. හැබැයි සැඟවී සිටින එල්ටීටීඊ සාමාජිකයකු විසින්වත් මේ බෝම්බ සොයා ගන්නා අවස්ථාවලදි පුපුරුවා හරින්නේ නැත.

වරක් ජවිපෙ උද්ඝෝෂනික රුස්වීමක් අවස්ථාවක දී වැල්ලවත්තේ කුණු බක්කියක තිබී සොයා ගත් ක්ලේමෝ බෝම්බයක් නිසා ගාලූ පාර වැසී යන තරමේ සෝදියක් ආරම්භ කරන ලදී. දෙල්කඳ පොලේ ක්ලේමෝව ද එවැනි එකක් විය හැකි ය. දැන් ශ‍්‍රීපති විසින් හෙළිදරවි කර ඇති පරිදි ඔහු මැරීමට ඇටවූවා ය කියන ක්ලේමෝව ද වික්ටර් ක්ලේමෝවකි.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල නිවස අසළ ද වරක් ක්ලේමෝවක් හමු විය. එල්ටීටීඊ ය නිශ්පාදනය කරන ක්ලේමෝවල මේ පැත්ත පෙරට යන්න ඇත්තේ දෙමළ බසිනි. නමුත් එම ක්ලේමෝවෙ හි මේ පැත්ත පෙරට යන්න ලියා තිබුනේ සිංහළ බසිනි. එම ප‍්‍රශ්නය මතු වු විට පොලීසිය කීවේ එම ක්ලේමෝව මුලතිව් යුද කදවුර අල්ලා ගත් අවස්ථාවේ දි එල්ලටීටීඊ ය අල්ලා ගන්නට ඇති බව ය. එනම් 1996 දී ය. මේ ක්ලේමෝව සොයා ගත්තේ 2006 දී ය. එම ක්ලේමෝව සම්බන්ධයෙන් අසළ දෙමළ පවුලත් අත් අඩංගුවට ගැනුණු නමුත් කිසිවකුට නඩු පැවරුනේ නැත.

පොලිස් නිලධාරීන් අතර කියැවෙන නව ක්ලේමෝ බෝම්බ වර්ගයක් තිබෙන බව ඔහු කීවේ ය. ඒවාට කියන්නේ වික්ටර් ක්ලේමෝ කියා ය. වික්ටර් කියන්නේ වෙනින් කව්රුවත් නොව පොලිස්පති වික්ටර් පෙරේරාට ය.

මේ ක්ලේමෝ සොයා ගනු ලබන්නේ ආණ්ඩු පක්ෂයට අවාසි දායක අවස්ථාවලදී ය. මේ ක්ලේමෝ සොයා ගැනෙන්නේ පුපරන්න ඔන්න මෙන්න කියා තිබිය දී ය. හැබැයි සැඟවී සිටින එල්ටීටීඊ සාමාජිකයකු විසින්වත් මේ බෝම්බ සොයා ගන්නා අවස්ථාවලදි පුපුරුවා හරින්නේ නැත.

වරක් ජවිපෙ උද්ඝෝෂනික රුස්වීමක් අවස්ථාවක දී වැල්ලවත්තේ කුණු බක්කියක තිබී සොයා ගත් ක්ලේමෝ බෝම්බයක් නිසා ගාලූ පාර වැසී යන තරමේ සෝදියක් ආරම්භ කරන ලදී. දෙල්කඳ පොලේ ක්ලේමෝව ද එවැනි එකක් විය හැකි ය. දැන් ශ‍්‍රීපති විසින් හෙළිදරවි කර ඇති පරිදි ඔහු මැරීමට ඇටවූවා ය කියන ක්ලේමෝව ද වික්ටර් ක්ලේමෝවකි.

හොදයි, මෙහෙම බලමු. එල්ටීටීඊ ය කොළඹට බොම්බ ලොරියක් එවූ බවට නියත ආරංචියක් ලැබේ. එහි වර්ණය ද දැන ගන්නට ලැබේ. එවිට කොළඹ ආරක්ෂාව බාරව සිටින පොලිස්පති වික්ටරි පෙරේරා කළ යුත්තේ කුමක්ද? ඒ ආරංචිය ප‍්‍රසිද්ධ කිරීම ද? නැත්නමි සිය රහස් පොලීසිය සහ මුරකපොලූ දැනුවත් කර එය අල්ලා ගැනීම ද? එවැනි බොම්්ම ලොරියක් එල්ටීටඊ ය එවූයේ නමි වික්ටර් පෙරේරා එය රූපවාහිනිය ඔස්සේ තොර තොංචියක් නැතිව කියන්නට ගත් විට එම ලොරිය කොහේ හරි සඟවා ගන්නේ නැත්ද?

පසුගිය ජනරළ මෙහෙයුම අව්ස්ථාවේ දී ඔහු කළේ ඒ අමනෝඥ කි‍්‍රයාව ය. එම නිසා එම බෝම්බ ලොරිය අල්ලා ගැනීමට බැරි විය. දැන් එල්ටීටීඊ එය කොහේ හරි සඟවා ගෙන ඊළඟ අවස්ථාව එන තුරු දින ගනිනවා ඇතැයි කීවොත් එය වැරදි ද? එහෙම නැත්නමි ඔහු කළේ වික්ටර් බෝම්බ ලොරියක් නිරිමාණය කිරීම ය. ඒ කොළඹට එන්නට සිටි ජනරළ සෙනඟ බිය ගැන්වීමට විය යුතු ය.

කොළඹ වරායට පහරදීමේ එල්ටීටීඊ යේ සවිස්තරාත්මක වාර්තාවක් ජනමාධ්‍යට බෙදා හැරියේ ද මෙම පොලිස්පතිවරයා යටතේම ය. එම සැළසුම අනුව එල්ටීටීඊයට කොළඹ නගරය තුළ ප‍්‍රහාරක කණ්ඩායම් ගණනාවක් එකවර මෙහෙයවීමේ හැකියාව තිබේ. පොලිස් වාර්තාවට අනුව වරාය වැනි වැදගත් මර්මස්ථානයකට වුව එළෙස ප‍්‍රහාරක කණ්ඩායම් තුනක් ම මගින් බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කළ හැකි ය.

එම වාර්තාව පොලීසිය ජනමාධ්‍යට නිකුත් කළේ කොළඹ ලොජ්වල සිටින දෙමළ ජනයා පිටමං කළ යුතු බවට යෝජනාවක් ගෙන ආ දවස්වල ය. එම වාර්තාවට අනුව මෙම ප‍්‍රහාරයට සහභාගිවීමට සිටියේ ලොජ්වල සිටින එල්ටීටීඊ සාමාජිකයින් ය.
දේශපාලනඥයින්ට අවශ්‍ය පරිදි බෝම්බ නිරිමාණය කරන ආරක්ෂ නිලධාරීන් වම්බොටු රජතුමාට කැවූ අන්දරේටත් වඩා එහාට ගොස් උත්සාහ කරන්නේ ජනයා කඬේ යැවීමට ය.

තමන් සේවය කළ යුත්තේ මහාජනයාට නොව රජුන්ට යැයි සිතා සිටින නිලධාරීන්ගෙන් මීට වඩා කුමක් අපේක්ෂා කරන්න ද?