සිංහල, Colombo, Democracy, Governance

මේවාට දඩ කොළ දෙන්නේ දෙවියෝද?

ඊයේ (21) දහවල් 12:10ට පමණ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ මහානාම විදුහල ඉදිරියේදී රථවාහන නීතිය රකින, රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු දෙනොදහාක් බලාසිටියදී තමන් රකින නීතිය කඩ කරනු දකින්නට ලැබිණි.

මෙම පොලිස් නිලධාරියා තමන්ගේ පොලිස් යතුරු පැදිය මහානාම විදුහලේ ගේටිටුව අසල නවතාගෙන රැදී සිටියේ පාසල නිමවී තම දරුවා පැමිණෙන තෙක්ය. පාසල නිමාවී එළියට පැමිණි දරුවාව තම රාජකාරී බයිසිකලයේ නංවාගත් ඔහු වේගයෙන් බම්බලපිටිය දෙසට බයිසිකලය ධාවනය කලේ සිය දරුවාට ආරක්ෂක හිස් වැසුමක් නොපලන්දවා ය.

මෙසේ යන ඔහු පාර දෙපැත්තේ සිටි තමන්ගේ පොලිස් යාලුවන්ටද නලාව සංඥ කිරීමටද අමතක කළේ නැත. ඔවුනුත් එම පොලිස් නිළධාරියාට අත වනා බලා සිටියේ නීතිය පොලිසියට අදාල නැති නිසා විය යුතුය. නීතිය කෙසේ වෙතත් ඔවුන්ට එම නීතිය පැනවීමට තුඩුදුන් මූලික කාරණය වන යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව යන සංකල්පය වත් මතක තිබුනේ නම් තමන්ගේම දරුවා අනතුරේ හෙලන මෙම පොලිස් නිළධාරියාට ඒබව කියාදෙනු ඇත.

ආර්.එස්.ජූලියන්