සිංහල

ලෝකෙන් උතුම් රට. නුවරට ආදරේ තහනම්

nueara-vawa-ok-publish.jpg මහනුවර නගරයේ දැකුම් නලු බවේ ප්‍රධාන සංකේතය දළද ාමාලිගාව සහ ඒ හා බැදි නුවර වැව ය. නුවර වැව ප්‍රමාණයෙන් කුඩා වුවත් එය නගරයට එක් කරන්නේ පිරිපුන් චමත්කාරයක්. පසුගිය දා මෙම වැව ඉස්මත්තේ තනා ඇති බංකුවලට කලුතෙල් දමා ඇතැම් බංකු කිසියම් පිරිසක් විවිසින් පෙරලා දමා ඇත. ප්‍රදේශ වාසීන් පවසන්නේ තරුණ තරුණියන් මෙම බංකුමත අනාචාරයේ හැසිරෙන බවය. එය වලකාලීම සඳහා මෙය කල බවත් ය. මෙම වැව අසලින් නිරන්තරවම ගමන් ගන්නා ආචාර්‍යවරයෙකුගෙන අප විමසු වි ඔහු කියා සිටියේ කෙල්ලෙක් කොල්ලෙක් බංකුවක් උඩ වාඩී වී සිටියහොත් අපේ ඇතැම් වනචර මිනිසුන් හිතන්නේ ආදරය, ප්‍රේමය කියන්නේ වනචර දෙයක් කියලා. ඔතන එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. ආදරය, ප්‍රේමය වනචරය ප්‍රචණ්ඩය කියලා උගන්වන ඉගෙන ගන්නා රටක මෙහෙම වෙනවා. තත්පරයක්, තත්පරයක් ගානේ මිනිසුස් අමු අමුවේ මරා දමන රටක මරන්න එපා කියලා, ඔය බංකු පෙරලන කලුතෙල් ගාන ඊනියා සදාචාර වාදීන් පොස්ටරයක්වත් ගහන්නේ නෑ. මේක තමයි ලෝකෙන් උතුම් රට. ඔහු කීමේ මහත් වේදනාවෙන්.