සිංහල, Corruption, Matale

සල්ලි ගිලින මොරගහකන්ද ව්‍යාපාරය

xx.jpg

මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන මොරගහකන්ද ව්‍යාපෘතියේ ආරම්භක උළෙල සඳහා රුපියල් තුන්කෝටි දශලක්ෂයක(31000000.00) මුදලක් වැය වී ඇතැයි වාර්තාවේ.
මිලියන 3750ක මුදල් ඇස්තමේන්තුවකින් දියත්වන මොරගහකන්ද ජලාශයේ පළමු අදියරේ කටයුතු නිමවෙමින් පවතින අතර ලග්ගල ප්‍රාදේශයේ බොහෝ ජනයා මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ඇත. ඔවුන් පවසන්නේ ජලාශයට යටවන ඔවුන්ගේ ඉඩම්වලට මේවනතෙක් සාධාරණයක් ඉටුනොවූ බවත් ය. මධ්‍යම කදුකරයේ දිය ඇලි සහ ජල මූලාශ්‍රවලට බලපෑමක් එල්ලවිය හැකි බවත් මෙම ජලාශය ඉදිකිරීම තුළ විශාල පරිසර හානියක් සිදුවන බවත් පරිසරවේදීන් පෙන්වා දෙයි.
පසුගිය දා නාගරික සංවර්ධන නි්ෙ‍යා්ජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ලග්ගල ප්‍රදේශයට පැමිණ අවස්ථාවේ එහි ජනයා විරෝධය දැක්වූ අතර ගල් මුල් ප්‍රහාරයකට ලක්වීමට ද ඇමතිවරයාට සිදුවුනි.