සිංහල

හඬා වැටෙන නෙල්ලියද්ද….

nelliyadda-publish.jpg
බදුල්ලේ සිට ෙනත්

අමිපාර, මොණරාගල, මායිමේ ඇති නෙල්ලියද්ද ගම්මානයේ වැසියන්ගේ ජීවිත 16 ක් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පසුගිය දා බිලිගෙන තිබිනි.
අවාසනාවන්ත සිද්ධිය වීමට දින දෙකකට පෙර නෙල්ලියද්ද විදුහලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලට මම ද සහභාගීවු අතර, නගරයේ සුපිරි පාසල්වල ක්‍රීඩා උත්සව වලට වඩා එම ක්‍රීඩා උළෙල මනරමි යැයි මට සිතුනි. ක්‍රිඩා උලෙළ සිසු, දෙමාපිය සබඳතාවයෙන් අසිරිමත්ව තිබිනි. ක්‍රිඩා උළෙලේ එක් නිවාසයක් තට්ටු දෙකකින් සමන්විත වු අතර ඉහල මාලයේ ඌව ප්‍රධාන ඇමති හා සහභාගීවු සැමට තේ පානය සකසා තිබීම විශේෂ සිද්ධියක් වූහ. ක්‍රිඩා තරඟ, සරඹ සන්දර්ශන, ගීත ගායනා වලින් සමන්විතව වූ මෙම ක්‍රිඩා උළෙල රාත්‍රී හත පමණ වනවිටත් පැවතිනි. සතුට උතුරා යමින් ක්‍රීඩා උළෙල පැවති අතර අප එම ස්ථානයෙන් පිටත් වන විට රාත්‍රී නවය පමණ පමණ විය.
ඉතා දුෂ්කර පාසලක මෙවැනි උසස් තත්වයක් දක්නට ලැබීම පිළිබඳ මා ඇත්තටම සතුටු විය. ගමේ ලොකු, කුඩා අයගේ සිත්වල තිබු සංතෝශය පෑන් තුඩින් ලියන්න බැරි තරම් ය.

දින දෙකකට පසු තත්ත්වය ක්ෂණිකයෙන් වෙනස් විය. නෙල්ලියද්ද ගම්මානයේ වැසියන්ගේ ජීවිත 16 ක් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් බිලිගෙන තිබිනි. නෙල්ලියද්ද ගම්මානයට අපට යන්නට සිදුවුනේ පොඩි උන්ගේ සිරුරු වලින් ගලාගිය රතු ලේ වලට අපගේ කඳුඑ බිංදු ද එක්කරමින් ය. ක්‍රිඩා උත්සවයේ දී අපට තේ සකසා දුන් වැඩිහිටියන් කිහිප දෙනෙකු ගේ ද මළ සිරුරු ඒ අතර සිටිනු මම දුටුවෙමි.
මරාදැමුනු ගණන 16 ක් ඒ අතර, හයක් හතරක් නොතේරෙන කිරි සප්පයන්ද කිහිප ඒ අතර දෙනෙකු සිටිය හ. ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඌව ප්‍රධාන අමාත්‍ය තුමන්ගේ අතින් කුසලානය ලබාගත් දරුවගේ මව හා පියා මරාදමා ඇති බවත්, එම දරුවාටත් තුවාල වු බවත් මගේ කන වැකිනි.

දැඩි ආරක්ෂිත රැකවල් මැද සාමුහික වලක් තුළ මියගිය පුද්ගලයන්ගේ සිරුරු තැන්පත් කරන්නට විය.
දැන් ගමට ස්ථීර පොලිස් ස්ථානයක් ලැබිලා. ඒත් පොලීසිය හරිහැටි රාජකාරි කලා නමි මෙවැනි තත්වයක් උදාවන්නේ නෑ නේ ද කියා ගමි වැසියන් අපෙන් අසනවා. අපි කුමක් කියන්න ද…. උණ්ඩයට දිමිළ, සිංහල කියා බේදයක් නැති බව දමිළ, සිංහල සියලු දෙනා තේරුම් ගන්නා කල් මෙවැනි ප්‍රශ්ණ තව කී දෙනෙක් අපෙන් අසාවි ද?