සිංහල, Colombo, Democracy, Human Rights

චෝදනා හකුලා ගනු ! විද්‍යාදරන් නිදහස් කරනු !

posted-1.jpg
පැහැරගෙන ගොස් අත්අඩංගුවට පත්වූ සූඩර්ඔලි පුවත්පතේ කතෘ එන්.විද්‍යාදරන් මහතාව නිදහස් කරන ලෙසත් අදහස් ප්‍රකාශකිරිමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා අද(5) නිදහසේ වේදිකාව ජනතා එකමුතුව විසින් කොල්ලුපිටිය මංසන්ධියේදී විරෝධතා ව්‍යාපාරයක් පවත් වනු ලැබුවා. එහිදී උද්ඝෝෂකයින් රජයට බලකර සිටියේ රටතුල උද්ගතවී ඇති අවනීතිය අවසන් කිරීමටත් මහදහවල් සිදුවන පැහැර ගැනීම් හා ඝාතන නතර කිරීමටත් පියවර ගන්නා ලෙසයි.