සිංහල, Democracy, Kandy, Life quips

අවසාන කවිය

‛‛කොටි පාලන ප්‍රදේශ හැරදා තවත් 423ක් හමුදා පාලන ප්‍රදේශයට’’
‛‛විශේෂ දළදා ප්‍රදර්ශනය ඇරඹේ’’
-එකම දින ප්‍රවඃත්ති දෙකක්-

එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට.

මැදින් පුරහඳ මැදින්
සිහ ධජය ළෙලදෙයි.
සඳින් වුව සැළෙන්නේ රැස් නොවේ කෙසරයි.
හදින් හද සෙත් පිරිත් නිනද වෙයි.

එන්න බෝඩර් පැනගෙන දකුණට
ඒ නයින් මඟ විවරයි.

මිනිස් පළිහෙන් මෑත්වුණු මිනිසුනි
දුටුවාද මුලතිව් වනයෙන් එතෙර පෙන්වන
සඳ කෙසර එළියේ
සඳ වුවත් දෙපලු කළ හැකි
සඳේ ළෙලදෙන අසිපත.

වනය පීරා එනවිට
අතේ පොඩිවෙන නියඟලා මල
අතින් පිසහැරලන්න.
පයේ හැපෙනා නියඟලා අල
අතින් අරගෙන එන්න.

වන්නියට වසන්තය ලබන විට
නුවර ගිම්හානයයි
වැසි නොඑයි.

එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට.

බුදුන් මුව වූ දන්ත ධාතුව
ඔබට සරණයි.
සඳේ ළෙලදෙන සිංහ දත් පෙළ
සිතට නිවනයි.

කර්තඃ අඥාතයි