සිංහල, Colombo, Corruption, Transport

කොළඹ වැළිමඩ ඒ.සී බස් මඟීන් ව මංකොල්ලා කයි

අද(11) උදෑසන කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් වැළිමඩ බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපබෝගී බස්රථ එහි නගින සියළු මඟීන්ගෙන් වැළිමඩ දක්වා ගමන් කිරීමේදි ගෙවිය යුතු මුදලම ඉල්ලා සිටි බව විකල්ප වෙත වාර්ථාවේ.

මෙහිදී අදාල බස්රථවල කොන්දොස්තරවරුන් පවසා ඇත්තේ ගම්පොළ,නුවරඑළිය යන කුමන ස්ථාන දක්වා ගමන් කළද වැළිමඩ දක්වා යාමට අයකරන රුපියල් 290 ක මුදලම ගෙවිය යුතුබවයි. මෙම බස්රථයක නුවරඑළියට යාම සඳහා ගාස්තුව රුපියල් 230 කි. අප මේ පිළිබඳව ගමනා ගමන කොමිෂන් සභාවෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාව නිසා මේ දිනවල ඇති දැඩි තදබදය පෞද්ගලික බස්රථකරුවන් තම වාසියට හරවාගෙන අයුතු ලෙස ලාභ ලැබිමට උත්සාහ කරන බවයි. තමන්ට මේ පිළිබඳව මඟී ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතිබවත් ඒ පිළිබදව නිසි පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අප මේ පිළිබඳව මඟින්ගේ අදහස් විමසූ විට ඔවුන් කියා සිටියේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම්බිම් වල යන ජනතාව වැඩි නිසා පෞද්ගලික බස්රථකරුවන් අයුතු ලෙස ලාභ ලැබීමට උත්සහා කරන බවයි. රජය මේ පිළිබඳව මැදිහත් විය යුතු බව අප සමග අදහස් දැක්වූ බොහෝ මඟීන්ගේ අදහසයි. මේ අතර ඉල්ලීම් කිහිපයක් දිනාගැනිම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන් වැඩ වර්ජනයක් දියත් කර ඇත.